මෙම ණය ශ්‍රේණිගත කිරීම මගින් පිළිබිඹු වන්නේ කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් දේශීය ව්‍යාපාර කටයුතු, වැඩිදියුණු වූ ප්රාග්ධනය හා ඉහළ අඛණ්ඩ ලාභදායීතාවයයි.
අක්‍රීය ණය සඳහා වූ ප්‍රතිපාදන ඇතුළු ඉහළ ප්‍රාග්ධන ආරක්ෂණයක් මගින් බැංකුවේ ශේෂ පත්‍රය තිරසාරව වර්ධනය වීම බැංකුවේ ණය ශ්‍රේණිය ඉහළ දැමීමට හේතුවිය හැකිය. අනිත් අතට, ආර්ථික අවපාතයක් වැනි තත්ත්වයක් හේතුවෙන් බැංකුවේ ඉපැයුම් වලට හා ප්‍රාග්ධනීකරණයට ඇතිවන පීඩනය මගින් කොමර්ෂල් බැංකුවේ වත්කම්වල ගුණාත්මක භාවය විශාල වශයෙන් පහළ වැටීම ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවිය හැකිය.
2007 වසරේ සිට බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය (Tier 1 capital adequacy ratio (CAR)) සියයට 10 කට වඩා ඉහළ අගයක් ගත් අතර බැංකුව විසින් 2011 වසරේ නිකුත් කළ රුපියල් බිලියන 4.8 ක හිමිකම් නිකුතුව නිසා මෙම අනුපාතය 2011 අවසානයේදී සියයට 12.1 ක් දක්වා ඉහළ නැගුණි.
බැංකුවේ හිමිකම් ප්රාග්ධනය ඉහළ යාමට ප්‍රත්‍යාගණන සංචිත තවදුරටත් ඉහළ යාම ආධාර වී ඇතත් 2011 අවසානයේදී බැංකුවේ මුළු ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය වූ සියයට 13 ගණනය කිරීමේදී එය සලකා බලා නොමැත.
ඉහළ අඛණ්ඩ ලාභදායීතාවය (core profitability), වැඩි වශයෙන් ලාභ රඳවා ගැනීම හා යෝග්‍ය වර්ධන සැලසුම් හේතුවෙන් බැංකුවේ ප්‍රාග්ධනීකරණය ඉදිරියේදීත් ශක්තිමත්ව තිබෙනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ආයතනය බලාපොරොත්තු වේ.
කොමර්ෂල් බැංකුව සිය අඛණ්ඩ ලාභදායීතාවය (වත්කම්වල ප්රතිලාභ අනුපාතය (ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර) (2011: සියයට 3.5 කි.)) අඛණ්ඩව පවත්වාගෙන යන අතර ඒ සඳහා වැඩි වශයෙන් හේතු වන්නේ බැංකුවේ අරපරිස්සම් මෙහෙයුම් පිරිවැය ව්‍යුහයයි.
මේ අතර, බැංකු අංශය සමග සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ ණය වර්ධනය ( 2007 සිට 2011 දක්වා සියයට 12.2 කි.) අඩු අගයක් ගන්නා අතර අදාළ කාලයේදී බැංකු අංශයේ ණය වර්ධනය සියයට 14.1 කි.
කොමර්ෂල් බැංකුව, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය හා මධ්‍යම ප්‍රමාණයේ සමාගම් (2011 අවසානයේදී: සියයට 42. 2010 අවසානයේදී: සියයට 33.) වෙත වැඩි වශයෙන් ණය ලබාදී තිබූ අතර පාරිභෝගික හා සිල්ලර අංශ වෙත ඇති ණය අනාවරණයන්හි අඩු කිරීමක් පෙන්නුම් කෙරේ. (2011 අවසානයේදී: සියයට 28. 2010 අවසානයේදී සියයට: 31).
කොමර්ෂල් බැංකුවේ වත්මන් ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවන අවදානම් (downside risks) විශේෂයෙන්ම පොලී අනුපාතයට සංවේදී අංශවලත් (පාරිභෝගික/සිල්ලර හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය/ මධ්‍යම ප්‍රමාණයේ සමාගම්) ගෝලීය ආර්ථික මන්දගාමීත්වය හා විදේශීය අංශයේ ආර්ථික පීඩනයන්ට යටත් අංශ වලත් තිබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය විශ්වාසය කරයි. විචක්ෂණශීලි පදනම මත කළ අමතර ප්‍රතිපාදනවල උපකාරයෙන් බැංකුවේ අක්‍රීය ණය මත විශේෂ වෙන්කිරීම් වැඩි වෙමින් පැවතුණත් (2011 අවසානයේදී සියයට 40 කි. 2010 අවසානයේදී සියයට 34 කි.). එය කොමර්ෂල් බැංකුවට සමාන ණය ශ්‍රේණි කාණ්ඩයන්හි සිටින අනිකුත් සමහර වාණිජ බැංකු සමග සසඳන විට අඩු අගයක පැවතුණි.
කොමර්ෂල් බැංකුවට සමාන අනෙකුත් විශාල පෞද්ගලික වාණිජ බැංකු සමඟ සසඳන විට (සියයට 41), වඩා වැඩි කොටසකින් සමන්විත වූ ජංගම හා ඉතුරුම් තැන්පතු ( 2011 අවසානය වනවිට සියයට 52 කි.) කොමර්ෂල් බැංකුවේ අරමුදල් සැපයීමේ ස්ථායීතාවයට පිටිවහලක් වන අතර, මෙය නිසා පොලී අනුපාතිකය වැඩිවන පසුබිමක වුවද කොමර්ෂල් බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකයට ඇති බලපෑමට බොහෝ දුරට සහනයක් ලැබේ.
මෙරට තෙවන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව 1969 වසරේදී පිහිටවූ නමුත් එහි ආරම්භය 1920 තරම් ඈත කාලයකට දිවයයි. 2011 වසර අවසන් වනවිට මෙරට බැංකු අංශයේ වත්කම් වලින් සියයට 10.4 කට හිමිකම් කියනු ලැබුවේ කොමර්ෂල් බැංකුව විසිනි.
බැංකුව සතුව 2011 වසර අවසන් වනවිට ශාඛා 213 ක් සහ ATM යන්ත්‍ර 514 ක් දිවයින පුරා තිබුණි. සැලකිය යුතු මට්ටමක විදේශීය මෙහෙයුම් කටයුතු පත්වාගෙන යන දේශීය බැංකු කිහිපයෙන් එකක් ලෙසද කොමර්ෂල් බැංකුව කැපී පෙනේ. බැංකුව සතුව බංග්ලාදේශයේ තිබෙන ශාඛා 17 මගින් බැංකුවේ ශුද්ධ ආදායමට සියයට 11 කද වත්කම් වලට සියයට 07 කද දායකත්වයක් සපයයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=658332717