ඔක් 09, 2014 (විමසුම) – ෆිච් රේටින්ග්ස් ලංකා ශ්‍රී ලංකාවේ පිහිටි සෙලාන් බැංකුවේ (සෙලාන්) ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය A-(lka) යැයි තහවුරු කරන ලදි.
ඉදිරි දැක්ම ස්ථාවරයි. තව ද සෙලාන් බැංකුවේ සුරැකුම් රහිත ණයකර A-(lka) ලෙස ද උපකාරක ණය BBB+(lka) ලෙස ද ෆිච් තහවුරු කරන ලදි.
අදාල නිවේදනයේ මෙසේ සඳහන් වේ.
ප්‍රධාන ණය ශ්‍රේණි ධාවකයින් - ජාතික ණය ශ්‍රේණිය සහ ණයකර
සෙලාන් බැංකුවේ පද්ධතිමය වැදගත්කම නිසා අවශ්‍ය විටක ශ්‍රී ලංකා රජය (BB-/ස්ථාවර) බැංකුවට සුවිශේෂි සහායක් සපයනු ඇතැයි යන ෆිච් ආයතනයේ අදහස මත සෙලාන් බැංකුවේ ණය ශ්‍රේණිය තීරණය කරන ලදි. සෙලාන් බැංකුව පද්ධතිමය වැදගත්කමකින් යුත් දේශීය බැංකු හයෙන් එකක් ලෙස ශ්‍රී ලංකා නියාමකයින් විසින් හඳුනාගෙන ඇත. කෙසේ නමුත් BB- සෛවරී ණය ශ්‍රේණිය මඟින් නියෝජනය වන පරිදි අවශ්‍ය විට බැංකුවට සහාය දැක්වීමේ රජයේ හැකියාව සීමිත වේ.
සෙලාන් බැංකුවේ ණය අයකර ගැනීමේ වෑයමේ ප්‍රතිඵලයක් ලෙස 2009 අවසානයේ වාර්තාගත ඉහළ දළ අක්‍රීය ණය අනුපාතය (NPL) වූ 29.7% 2014 පළමු අර්ධ වර්ෂය අවසානයේ දී 10.9% දක්වා පහළ බැස්සවීමට බැංකුව සමත් විය. කෙසේ නමුත් සෙලාන් බැංකුවේ NPL අනුපාතය ඉහළ ණය වර්ගිකරණයට අයත් සම බැංකු සමඟ සැසදීමේදී අඛණ්ඩව ඉහළ අගයක පැවතුණි.
මෙයට ප්‍රධාන හේතුව වන්නේ දිගු කාලයක් පුරා පැවතෙන නැවත අය කර ගැනීම අභියෝගාත්මක වන විශාල අක්‍රීය ණය ප්‍රමාණයක් තිබීම ය. ඉහළ ණය වර්ගීකරණයට අයත් සම බැංකුවලට සාපේක්ෂව සෙලාන් බැංකුවේ හිමිකමට ප්රතිපාදනය නොකළ අක්‍රීය ණය අනුපාතය දුර්වල මට්ටමක පවතී.
බැංකු ක්ෂේත්රයේ ණය වර්ධනයට අහිතකරව බලපෑ පහළ මට්ටමක පැවති පෞද්ගලික අංශයේ ණය ඉල්ලූම 2014 පළමු අර්ධ වර්ෂය අවසානයේ දී සෙලාන් බැංකුවේ ණය පොත 2.6% කින් අඩු වීම මඟින් නිරූපණය වේ.
2014 පළමු අර්ධ වර්ෂයේ ලාභදායිත්වය සඳහා බැදුම්කර ලැබීම් දායක වූ අතර ක්ෂේත්රය පුරා දක්නට ලැබුණු ශුද්ධ පොලී අනුපාතයන්ගේ අඩුවීම සහ ඉහළ ණය අපහායන ගාස්තුවල බලපෑම් අවම කරන ලදි. පිරිවැය ඉහළ මට්ටමක පැවතුන ද සෙලාන් බැංකුවේ පිරිවැය කාර්යක්ෂමතාවය වැඩිදියුණු වී ඇත.
2013 අවසානයේ දී සෙලාන් බැංකුව වත්කම් අතින් ශ්‍රී ලංකාවේ හයවෙනි විශාලතම දේශීය වාණිජ බැංකුව ලෙස නම්වන ලදි. සෙලාන් බැංකුව 2009 වර්ෂයේ දී අර්බූදයකට මුහුණ පෑ අතර ඒ සඳහා නියාමකයින් මැදිහත්වන ලදි.
සෙලාන් බැංකුවේ ජේෂ්ඨ සුරැකුම් රහිත ණයකර සමාගම කෙරේ සුරැකුම් රහිත මෙන්ම උපකාරක නොවන බැදීමක් ඇති කරන බැවින් එහි ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය හා සම මට්ටමේ ශ්‍රේණිගත කර ඇත.
බැංකුවේ ජේෂ්ඨ සුරැකුම්රහිත ණයහිමියන්ට ණයකරවල උපකාරකත්වය නිරූපණය කිරීම සඳහා උපකාරක ණයකර එහි ජාතික දිගු කාලීන ණය ශ්‍රේණියට අනුමට්ටම් එකක් පහළින් ශ්‍රේණි ගත කරන ලදි.
ණය ශ්‍රේණි සංවේදිතාවයන් - ජාතික ණය ශ්‍රේණි සහ ණයකර
බැංකුවේ පද්ධතිමය වැදගත්කම හමුවේ සෙලාන් බැංකුවට සහාය අඛණ්ඩව ලැබේය යන අපේක්ෂාව මත සෙලාන් බැංකුවේ ජාතික ණය ශ්‍රේණිය පහළ දැමීමට ෆිච් ආයතනය අපේක්ෂා නොකරයි.
සෙලාන් බැංකුවේ ණය ශ්‍රේණි ඉහළ දැමීම, ඉහළ ණය ශ්‍රේණි වර්ගිකරණයන්ට අයත් අනෙකුත් සම සමාගම් හා සමානව අනෙකුත් ණය නිර්ණායකයන් පවත්වාගෙන යන අතරතුර වත්කම් ගුණත්වයේ සැලකිය යුතු තිරසාර වැඩිදියුණුවීම සහ ප්‍රතිපාදන හරහා ලැබෙන සහාය මත බැංකුවේ ස්වාධීන ණය ශ්‍රේණි චලනය වීම මත පදනම් වේ.
ණය ශ්‍රේණී සෙලාන් බැංකුවේ ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය හා සමානව චලනය වේ.
http://www.vimasuma.com/