ඉකුත් වර්ෂයේ (2011 පළමු අර්ධ වර්ෂය තුළ) ඒAකාබද්ධ බදු පෙර ලාභය රු. මිලි. 2,976.9 ට අනුරූපීව 2012 පළමු අර්ධ වර්ෂය තුළදී රු. මිලි. 1,273.2 ක නැතහොත් 42.8% ක වර්ධනයක් සහිතව රු. මිලි. 4,250.1 ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් සම්පත් බැංකු සමූහය වාර්තා කර ඇත. සමූහයේ ප්‍රධාන කොටස්කරු ලෙස බැංකුව සමූහයේ ලාභය සඳහා 97.7%ක දායකත්වයක් සපයා ඇත. සම්පත් බැංකු සමූහයේ බදු පසු ලාභය ලෙස ඉකුත් වර්ෂයේ පළමු අර්ධය තුළ වාර්තා වූ රු.මිලියන 2,131.0 හා සැසඳීමේදි 2012 පළමු අර්ධ වර්ෂය තුළදී රු. මිලි. 724.2 කින් නැතහොත් 34.0% ක වර්ධනයක් සහිතව රු.මිලි. 2,855.1 ක අගයක් වාර්තා කරයි.
බැංකුවේ ලාභදායීත්වය
සම්පත් බැංකුවේ පසුගිය වසර (2011 පළමු අර්ධ වර්ෂය ) තුළ බදු පෙර ලාභය රු. මිලි. 2,805.3 ට අනුරූපීව 2012 පළමු අර්ධ වර්ෂය තුළදී රු. මිලි. 1,345.3 ක නැතහොත් 48.0% ක වර්ධනයක් සහිතව රු මිලියන 4,150.6 ක බදු පෙර ලාභයක් හා එහි බදු පසු ලාභය වූ 2011 පළමු අර්ධ වර්ෂය තුළදි වාර්තා වූ රු. මිලි. 1,987.7 හා සැසඳීමේදී 2012 පළමු අර්ධ වර්ෂය තුළදී 40.4% ක වර්ධනයක් සහිතව රු. මිලි. 2,789.8 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
සමූහයේ බදු පසු ලාභ වර්ධනය 34.0% ක තරම් බැංකුවේ ලාභ වර්ධනයට වඩා පහළ අගයක් ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුසාධක වී ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොලෙහි පවතින වර්තමාන තත්ත්වය තුළ කොටස් තැරැව්කාර කටයුතු වල නිරත සමූහයේ පරිපාලිත සමාගමක් වූ \එස් සී සෙකුයුරිඩිස්/
සමාගමේ ලාභයෙහි සිදුවූ පහත වැටීමයි.
බැංකුවේ වර්ධන ප්රතිඵලයන් සඳහා දායක වූ සාධකයන්
ශුද්ධ පොළී ආදායම
මුළු මෙහෙයුම් ආදායමෙන් 50% ඉක්මවූ අරමුදල් පදනම් කරගත් මෙහෙයුම් ආදායම තුළ ප්‍රධාන ආදායම් ප්රභවය වන ශුද්ධ පොළී ආදායම 2011 පළමු අර්ධ වර්ෂය තුළදී පැවති රු.මිලි.4,192.3 සිට 2012 පළමු අර්ධ වර්ෂය තුළදී රු.මිලි.5,398.8 දක්වා ඉහළ නැංගේ 28.8% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමිනි. මෙම කැපී පෙනෙන වර්ධනය අත්පත් කරගෙන ඇත්තේ 2011 පළමු අර්ධ වර්ෂය තුළදී 4.11% ක්වූ ශුද්ධ පොළී ආන්තිකය 2012 පළමු අර්ධ වර්ෂය තුළදී 4.08% දක්වා අඩුවීමක් වාර්තා කර තිබියදීත්ය. මේ සඳහා හේතු වී ඇත්තේ ගනුදෙනු කාර අත්තිකාරම්වල සහ ආණ්ඩුවේ සුරැකුම්පත් වල සාමාන්‍ය ඉපැයුම් අනුපාතිකයන්ට වඩා අරමුදල් මූල්‍යනය කිරීමේ සාමාන්‍ය පිරිවැය වේගවත් අනුපාතිකයකින් ඉහළ යැමයි. එබැවින් මෙම ශුද්ධ පොළී ආදායමේ කැපී පෙනෙන වර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වී ඇත්තේ බැංකුවේ මූලික ව්‍යාපාර පරිමාවේ වාර්තා වූ ඉහළ වර්ධන අනුපාතයයි. එනම් ගනුදෙනුකාර අත්තිකාරම් වල 30.2%ක්, වූ වත්කම් වල 27.9%ක් හා තැන්පතු වල 23.6% ක වර්ධනයක් 2012.06.30 න් අවසන් පළමු අර්ධ වර්ෂය තුළදී වාර්තා වීමයි.
විනිමය ආදායම්
2012 පළමු අර්ධ වර්ෂය තුළ වාර්තා වූ ලාභයෙහි ඉහළ වර්ධනය සඳහා මූලික දායක සාධකයක් වන ඉහත කී ආදායම 2011 පළමු අර්ධ වර්ෂය තුළ පැවති රු.මිලි.238.3 සිට 2012 පළමු අර්ධ වර්ෂය තුළදී රු. මිලි. 2336.4 දක්වා වැඩි විය. මෙය රු. මිලි. 2,098.1 හෙවත් 880.6% ක වර්ධනයක් වාර්තා කිරීමකි. මෙම කැපී පෙනෙන වර්ධනයට ප්‍රධාන වශයෙන් සුරැකුම් ගනුදෙනු අංශයේ විකුණුම් ලාභ සහ බැංකුවේ තිබෙන විදේශ ව්‍යවහාර මුදල් සංචිත පිළි ඇගයුම් ලාභ හේතුවූ අතර 2011.12.31 දින ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රු. 113.9 සිට රු. 133.9 දක්වා ඉතා ඉහළ ප්‍රමාණයකින් 2012.06.30 දිනට රුපියලේ අගයේ සිදුවූ අවප්‍රමාණ වීමද විශාල ලෙස ඊට ආධාර විය.
වෙනත් ආදායම්
වෙනත් ආදායම් හි ඇතුළත් කොමිස් හා ගාස්තු පදනම් කරගත් ආදායම් වල 2011 පළමු අර්ධ වර්ෂය ට සාපේක්ෂව 2012 පළමු අර්ධ වර්ෂය තුළ රු.මිලි. 203.0 කින් එනම් 15.2% ක වර්ධනයක් වාර්තා කිරීම කෙරෙභි බෙහෙවින් හේතු වූයේ ආර්ථික ක්‍රියාකාරකම් වල හා බැංකුවේ ණය දීමේ ක්‍රියාවලිය තුළ අත්පත් කරගත් වේගවත් වර්ධනයයි.
2012 පළමු අර්ධ වර්ෂය තුළ 100.0% ක හීනවන වර්ධනයක් වාර්තා කළ වෙනත් ආදායම් තුළ ඇතුළත් එකම ආදායම් ප්රභවය වන්නේ ප්‍රාග්ධන ලාභ පමණි. එහෙත් බැංකුව 2011 පළමු අර්ධ වර්ෂය තුළ දී ලංකාබංග්ලා මූල්‍ය සමාගමෙන් ලද අතුරු ලාභාංශ වලින් කොටසක් විකිණීමෙන් ඉපයූ ප්‍රාග්ධන ලාභය රු.මිලි.411.2කි.
http://www.divaina.com/2012/08/17/velanda01.html