ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය “විමසුම“ ට පැවසුවේ සමාගම විසින් සීගිරියේ කාමර 75 ක හෝටලයක්ද, වස්කඩුවේ කාමර 125 ක හෝටලයක්ද, පාසිකුඩාහි කාමර 110 ක හෝටලයක්ද, හලාවත කාමර 88 ක හෝටලයක්ද ගොඩ නගමින් සිටින බවයි.
“මේ වෙනුවෙන් සමාගම රුපියල් බිලියන 09 පමණ මුදලක් ආයෝජනය කර තිබෙනවා. හලාවත හෝටලය ළඟදීම විවෘත කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. වස්කඩුවේ හෝටලයත් මේ වනවිට ඉක්මනින්ම හදාගෙන යනවා.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් වෑගපිටිය මහතා කීය.
සංචාරක කර්මාන්තය වර්ධනය වෙද්දී මෙරට ප්රමාණවත් තරම් හෝටල් කාමර නොමැතිවීම ප්රශ්නයක් වී තිබෙන අතර රජය සැලසුම් කර තිබෙන්නේ දැනට තිබෙන 23,000 ක් පමණ වන හෝටල් කාමර ප්රමාණය 2016 වනවිට 45,000 ක් දක්වා වර්ධනය කිරීමටයි.
2016 දී මෙරටට සංචාරකයින් මිලියන 2.5 ක් පමණ ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කර තිබෙන අතර මේ වසරේදී ලක්ෂ දහයකට වඩා සංචාරකයින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=12283313