මහ බැංකුව විසින් සිය ප්රතිපත්ති පොලී අනුපාත අඩුකළ පසුව දෙවන වරට පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත යළිත් පහත වැටුණි.
මේ අනුව, අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 27 කින් පහත වැටී සියයට 12.18 ක්වූ අතර මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 21 කින් පහත වැටී සියයට 10.23 ක්ද, මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 25 කින් පහත වැටී සියයට 11.53 ක්ද විය.
රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1.0 ක මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 06 ක මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 10 ක මාස දොලහේ බිල්පත්ද විකුණා ඇත.
මුදල් වෙළෙඳුන් පැවසුවේ වෙන්දේසියෙන් පසුව ද්විතියික වෙළඳ පොළේ බිල්පත් පොලී අනුපාත තවදුරටත් පහළ ගිය බවයි.
මේ අනුව, මාස හයේ බිල්පත් පොලිය සියයට 11.20/40 ක් දක්වාත් අවුරුද්දේ බිල්පත් පොලිය සියයට 11.90/12.05 ක් දක්වාත් පහළ ගොස් ඇත.
මීට අමතරව, බැඳුම්කර පොලී අනුපාතද පහළ ගොස් තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=26910603