මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශයේ ප්‍රධානී, ප්‍රදීප් කැකුලාවල පැවසුවේ මෙම සමුළුව අබුඩාබි හා සිංගප්පූරුවේ පැවැත්වීමටද ඉල්ලීම් තිබුණත් ලංකාවේ පැවැත්වීමට හැකිවීම ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෙරෙහි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) තිබෙන විශ්වාසය පිළිඹිබු කරන බවයි.
නොවැම්බර් 12 වනදා සිට 14 වනදා දක්වා දින තුනක් කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුවේදී සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධ විශේෂඥයින්ගේ අදහස් හා අත්දැකීම් ලබාගත හැකි අතර ඒ තුළින් සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධ මානව ප්රාග්ධනය සංවර්ධනය කර ගැනීම මෙන්ම කර්මාන්තයට අදාළ අභියෝග, ගැටලු හඳුනා ගැනීම සිදුවනු ඇතැයි කැකුලාවල මහතා සඳහන් කළේය.
මෙම සමුළුව ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) මානව ප්‍රාග්ධන අංශයේ උප සභාපති, Guido Gianasso මෙසේ සඳහන් කර තිබේ.
“ආසියාවේ හදවත බඳු ස්ථානයක ලංකාව පිහිටා තිබෙන නිසා මෙම සමුළුව ලංකාවේ පැවැත්වීමට අපි තෝරා ගත්තා. මේ වනවිට, ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තිබෙනවා.“
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයට (IATA) ලෝකයේ ගුවන් සමාගම් 240 ක් පමණ සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ මෙවර පැවැත්වෙන සමුළුවට සිවිල් ගුවන් සේවා අංශයට සම්බන්ධ නියෝජිතයින් 150 ක් පමණ සහභාගී වනු ඇතැයි ශ්‍රී ලංකන් සමාගම විශ්වාසය පළ කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සමුළුවට සහභාගී වන්නන් සඳහා විශේෂ සහන මිලකට ගුවන් ටිකට් පත් ලබාදෙන බවත් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සමුළුවක් ලංකාවේ පැවැත්වෙන්නේ ප්‍රථම වරට බවයි.
සමුළුව සඳහා රුපියල් මිලියන 08 ක පමණ මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකන් සූදානම් වන අතර එම මුදල් අනුග්‍රාහකයින්ගෙන් ලබාගන්නා බව සඳහන් කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1196389240