2012 සැප්තැම්බර් මාසයේදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව මෙරට වරායන් වෙත පැමිණි නැව් ප්රමාණය හා හැසිරවූ බහාලුම් ප්රමාණය අඩුවී තිබේ.
මේ අනුව, 2012 සැප්තැම්බර් වලදී කොළඹ වරාය විසින් හැසිරවූ බහාලුම් ප්රමාණය සියයට 3.3 කින් ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අඩුවී හැසිරවූ ප්රමාණය බහාලුම් 329,199 ක්වී තිබේ.
ආනයන-අපනයන කටයුතු මන්දගාමී වීම නිසා ගෙවුණු සැප්තැම්බරයේදී කොළඹ වරාය සිදුකළ ප්රති අපනයනද පහළ ගොස් තිබෙන අතර දේශීය බහාලුම් අපනයන සියයට 8.3 කින් 86,273 ක් දක්වා පහළ ගොස් ඇත.
මෙම කරුණු මහ බැංකු දත්ත වලින් අනාවරණය වන අතර ගෙවුණු සැප්තැම්බර් මාසයේදී මෙරට වරායන්ට පැමිණි නැව් ප්රමාණය 335 ක්වී තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලයට වඩා 25 කින් අඩු වීමකි.
මේ වසරේ සැප්තැම්බර් දක්වා මෙරටට නැව් 3,127 ක් පැමිණ තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයට වඩා එම ප්රමාණයද නැව් 133 කින් අඩුවීමකි.
2012 සැප්තැම්බර් මාසයේදී මෙරට ප්රති අපනයන සියයට 2.1 කින් පහළ ගොස් එම ප්රමාණය බහාලුම් 242,454 ක්වී ඇත. මේ වසරේ සැප්තැම්බර් දක්වා ප්රති අපනයනද ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 1.5 කින් පහළ ගොස් බහාලුම් 2,293,967 ක්වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=868878981