රුපියල් බිලියන 1.5 ක මුදලක් උපයා ගැනීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා නිකුත් කළ බැඳුම්කර වර්ග තුනෙන් සියයට 16.5 ක ස්ථාවර පොලී අනුපාතයක් ගෙවන බැඳුම්කර පමණක් ඉල්ලූ සියළුම ප්‍රමාණය ලබා නොදීමට බැංකුව තීරණය කර තිබේ.
සියයට 15 ක වාර්ෂික ස්ථාවර පොලී අනුපාතයක් ගෙවන මාසික පදනමින්ද ගෙවීම් කරන බැඳුම්කර ඉල්ලුම් කළ ආයෝජකයින්ට ඔවුන් ඉල්ලූ සියළුම බැඳුම්කර ලබාදීමට තීරණය කර තිබෙන අතර මාස 06 භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතයට වඩා සියයට 2.0 ක පොලියක් ගෙවන බැඳුම්කර ඉල්ලූ ආයෝජකයින්ටද ඔවුන් ඉල්ලූ සියළුම ප්‍රමාණය ලබාදීමට සූදානම් වේ.
කෙසේවෙතත්, සම්පත් බැංකුව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ සියයට 16.5 ක ස්ථාවර පොලී අනුපාතයක් වාර්ෂික පදනමින් ගෙවන බැඳුම්කර 100,000 ක් දක්වා ඉල්ලා ඇති සියළුම ප්‍රමාණය ආයෝජකයින්ට ලබාදෙන බවත් 100,000 කට වඩා ඉල්ලා ඇති අවස්ථාවක ප්රමාණානුකූල පදනමින් බෙදා දෙන බවයි.
සිය නියාමන ප්‍රාග්ධන අවශ්‍යතා පියවා ගැනීම වෙනුවෙන් සම්පත් බැංකුව කළ වසර පහේ මෙම බැඳුම්කර නිකුතුවට අධි ඉල්ලුමක් ඇතිවිය.
මෙම බැඳුම්කර තැන්පතු වලට වඩා පහළ මට්ටමක ශ්‍රේණිගත කර ඇති අතර මින් අදහස් කරන්නේ මුදල් ආපසු ගෙවීමකදී මේ සඳහා මුදල් ගෙවනු ලබන්නේ තැන්පතු වලට පසුව බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=785461239