කෙටි කාලීන බැඳුම්කර පොලී අනුපාත දිගු කාලීන බැඳුම්කර පොලී අනුපාත වලට වඩා ඉහළ යමින් තිබූ ප්‍රවණතාවය අවසන් වෙමින් තිබෙන බව හෙළිවේ.
සාමාන්‍යයෙන් විය යුත්තේ දිගු කාලීන බැඳුම්කර පොලී අනුපාතයන් කෙටි කාලීන බැඳුම්කර පොලී අනුපාත වලට වඩා වැඩිවීම වුවත් පසුගිය කාලයේදී කෙටි කාලීන බැඳුම්කර පොලී අනුපාත වඩාත් ඉහළ නැගුණි.
මේ අනුව, 2014 අප්‍රේල් 01 වනදා කල් පිරෙන බැඳුම්කර පොලී අනුපාතය සියයට 12.05/25 ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ සියයට 11.55/65 ක මට්ටමක සිටයි.
2015 ජූලි 15 වනදා කල් පිරෙන වසර තුනේ බැඳුම්කර පොලී අනුපාතය සියයට 12.15/25 දක්වා ඉහළ ගොස් තිබෙන අතර මීට පෙර එය පැවතුණේ සියයට 11.65/75 ක මට්ටමකයි.
එසේම, 2017 ජූලි 15 වනදා කල් පිරෙන වසර පහේ බැඳුම්කර පොලී අනුපාතය සියයට 12.30/40 ක් දක්වා සියයට 11.80/85 ක සිට ඉහළ නැග ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1003688737