පුද්ගලික අංශය බැංකු පද්ධතියෙන් ලබාගන්නා ණය සිතූ ලෙසම පහළ යමින් තිබෙන නිසා බැංකු පද්ධතියට මුදල් ඇතුළු කරන මහ බැංකුවේ පොලී අනුපාතය සියයට 9.75 ක් ලෙස ඔක්තෝම්බර් මාසයේදීත් නොවෙනස්ව තබා ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියයි.
පසුගිය අගෝස්තු වලදී බැංකු විසින් පුද්ගලික අංශයට ණය ලෙස ලබාදී තිබෙන්නේ රුපියල් බිලියන 14 ක මුදලක් වන අතර 2012 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 51 ක් ලබාදී තිබුණි.
කෙසේවෙතත්, පෙනෙන්නට තිබෙන්නේ පුළුල් මුදල් සැපයුමෙහි තවමත් වර්ධනයක් තිබෙන බවයි. මේ පිළිබඳව මහ බැංකුව අදහස් දක්වා තිබෙන්නේ මෙසේයි.
“අගෝස්තු මාසයේ පුළුල් මුදල් සැපයුම ජූලි මාසයට වඩා වර්ධනය වී තිබෙනවා. එයට හේතුව පුද්ගලික ණය ගැනීම් අඩු වුවත් රාජ්‍ය ණය ගැනීම් වැඩිවීමයි.“
2012 තුන්වන කාර්තුව වනවිට රුපියල විශාල ලෙස බාල්දු වෙමින් ඩොලරයක මිල රුපියල් 134 ක් දක්වා ඉහළ ගිය අතර එයට පෙර ඩොලරයක මිල තිබුණේ රුපියල් 110 ක මට්ටමකයි.
මේ අතර, සැප්තැම්බර් මාසය වනවිට මෙරට උද්ධමනය සියයට 9.1 ක් විය.
සිය දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව මහ බැංකුව මෙසේ අදහස් දක්වා තිබේ.
“අනාගත උද්ධමනයට හේතුවන සැපයුම් අංශ සාධකවල දෙවන අදියරේ ප්‍රතික්‍රියාවන් වලක්වා ගැනීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් බලාපොරොත්තු වෙනවා. මේ නිසා, මැදි කාලීනව උද්ධමනය තනි ඉලක්කමක පවත්වා ගැනීමට හේතු වනවා.“
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදයකට රට මුහුණ දුන් පසුව රුපියල අවප්‍රමාණය වීමේදී උද්ධමනය සාමාන්‍යයෙන් ඉක්මනින් ඉහළ නගින බවයි.
රජය විසින් අමතර වියදම් අඩුකරන්නේ නම් රුපියල ශක්තිමත්වීම හා විදේශ සංචිත ඉහළ නැගීම සිදුවේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=908684899