ඒ අනුව මෙවන විට 6%ත් 7%ත් අතර තිබෙන සාමාන්‍ය බැංකු පොලී අනුපාතිකය දෙසැම්බර් මාසයවන විට 12% දක්වා ආසන්න ප්‍රමාණයකින්ද ලබන වසරේ මාර්තු මාසය වන විට 17 % දක්වා ද ක්‍රමයෙන් ඉහළ දැමීම සිදුවන බවත් වාර්තාවේ. මෙමඟින් වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් වානිජ බැංකුව වෙත ලබා ගත හැකිවනු ඇතැයි පැවැසේ.
එම තැන්පතු මුදල් මෙරට ආයෝජනය සඳහා යොදා ගැනීමට රජය අපේක්ෂාකරනු ඇති බවට මත පලවන මුත් පෞද්ගලික අංශයට ඇති ආයෝජන අවස්ථා ඇහිරීමත් මෙමඟින් සිදුවනු ඇති බවත් පැවැසේ.
වානිජ බැංකුවල තැන්පතු පොලී අනුපාතය වැඩි කළ විට ඉබේටම ණය පොලී අනුපාත වැඩි කළ යුතු වෙයි. මේ ආරංචිය මත මත අද දින ඇතැම් බැංකු ණය මුදල් ලබාදීම වාහන ලීසිං ලබාදීමද බැංකු හා සමාගම් විසින් තාවකාලිකව අත් හිටුවා ඇති බවත් වාර්තාවේ.
කෙසේ නමුත් මේවන විට රජය මුහුණපා ඇති ආර්ථික අර්බූදයෙට විසඳීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ මේ සිදු කෙරෙන බවද පැවැසේ.පසුගියදා ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය විචලනය වීමට රජය ඉඩ දුන් අතර මේවන විට රුපියලෙහි අගය ස්ථාවර මට්ටමක පවතී.
source: http://lankadaily.com/latestnews/item/8876-2015-09-30-15-31-22