යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට ඇදී එන සංචාරක රැල්ල තව තවත් තහවුරු කරමින් ගෙවුණු සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්රමාණය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 18.1 කින් වර්ධනය වී 71,111 ක්වී තිබේ.
මීට අමතරව, මේ වසරේ මුල් මාස 09 තුළදී ලංකාවට පැමිණි සංචාරකයින් ප්රමාණය සියයට 16 කින් වර්ධනය වී තිබෙන අතර පැමිණ තිබෙන ප්රමාණය 693,772 ක් බව රජයේ නිළ දත්ත අනාවරණය කරයි.
සැප්තැම්බර් මාසයේදී බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්රමාණය සියයට 15.1 කින් වර්ධනය වී 22,327 ක් වෙද්දී උතුරු ඇමරිකාවෙන් පැමිණි ප්රමාණය සියයට 29.9 කින් වර්ධනය වී 3,358 ක්වී ඇත.
මේ අතර, නැගෙන යුරෝපයෙන් පැමිණි ප්රමාණය සියයට 89.1 කින් ඉහළ ගොස් 4,673 ක්වී තිබෙන බවත් මැදපෙරදිගින් පැමිණි ප්රමාණය සියයට 13 කින් පහළ ගොස් 4,166 ක්වී තිබෙන බවත් සඳහන්ය.
නැගෙනහිර ආසියාවෙන් පැමිණි ප්රමාණය ගෙවුණු සැප්තැම්බර් මාසයේදී සියයට 21.4 කින් වර්ධනය වී 10,729 ක් වෙද්දී ඉන්දියාවෙන් පැමිණි ප්රමාණය වර්ධනය වී තිබෙන්නේ සියයට 4.2 කින් 13,888 ක් දක්වා පමණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1439134104