මේ වන විටත් NDB ප්‍රධාන මෙහෙයුම් නිළධාරි ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ හා තවත් එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු යුනියන් බැංකුව හා එක් වි ඇත.තවත් ජ්‍යෙෂ්ඨ NDB නිළධාරින් කිහිපපොලකටම යුනියන් බැංකුව සදහා එක් විමට ඇරයුම් ලැබි ඇති බවද වාර්තා කියයි.ඒ ඉහළ වැටුප් තල වලය බවද සදහන්ය. NDB-DFCC යෝජිත නව බැංකුව සහ යුනියන් බැංකුව අතරේ ඒකාබද්ධ විමේ ප්රවනතා පිළිබඳවද මේ අතරේ මේ දිනවල බැංකු අංශයේ ඇතැම් දෙනා විශ්ලේෂණාත්මක දෘෂ්ඨකෝණයක් මත පිහිටා කතා කරන්නේ නව ආයෝජනයත් සමගින් යුනියන් බැංකුව තවත් බැංකුවක් අත්පත් කර ගනු ඇතැයි යන පුර්ව නිගමන මත පිහිටාය.කෙසේවෙත්ත, NDB-DFCC බහුල වශයෙන් රජයේ වක්‍ර හිමිකාරිත්වයක් මත තිබිම නිසා මෙම ඒකාබද්ධ විම් සිදු විම අසීරු බවද වාර්තා කියයි.
යුනියන් බැංකුව නව ආයෝජනයත් සමගින් එහි බැංකු තොරතුරු තාක්ෂණ පද්ධතිය දැවැන්ත වෙනස් කමකට බදුන් කරමින් පවති.මෙය සිදු කිරිම අනිවාර්ය බව ෆීචි රේටිං විසින්ද නිර්දේශ කර තිබිණි.
ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC සංවර්ධන බැංකු ඒකාබද්ධයේ ගොඩනැගෙන නව බැංකුව සදහා තවම අවසාන වශයෙන් අනුමැතිය රජයේ ඉහළ පාර්ශ්වයන්ගෙන් ලැබි නැති බවද සදහන්ය.
මේ අතරේ,2014 අයවැය යෝජනාවලදී ප්‍රකාශයට පත්කළ ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (DFCC) සහ DFCC සංවර්ධන බැංකුව අතර යෝජිත ඒකාබද්ධ පහසුකම් සැලසෙන පරිදි DFCC බැංකුව 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගමක් බවට පරිවර්තනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරිමට නියමිතය.
මුල්‍ය අංශයේ ඒකාබද්ධ කිරිමේ මහ බැංකු තීරණය අනුව යම්න් මෙම බැංකු තුනම අහෝසි කර ඒවායේ දැනට ඇති සියළුම චංචල හා නිශ්චල දේපොළ හා මානව සම්පත් උපයෝගි කර ගෙන නව පොදු සංවර්ධන බැංකු සමාගමක් පිහිටුව්මට කටයුතු යොදා ඇති අතර එයට පෙර පසුගියදා DFCC පණත නැවත පුරවා (Refill) ලිමට අදාලව ගත් රජයේ අනුමැතිය පරිදි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වේ.
මෙම ඒකාබද්ධ විම් වලට අදාල ආයෝජන බැංකු උපදේශණ කාර්යය ඇමෙරිකාවේ Boston Consulting Group හි ඉන්දීය සමාගම වන Boston Consulting Group (India) Private Limited විසින් ලබා දි තිබිණි.
කෙසේවෙතත්, DFCC සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට වු ප්‍රමාදයන් නිසා නව බැංකු ඒකාබද්ධය මෙවර අයවැයට පෙර අවසන් කිරිමට ගත් උත්සාහය අසාර්ථක වන බවද මෙම ආරංච් මාර්ග පවසා සිටියේය.
DFCC බැංකුවේ වැඩ්ම තනි කොටස් අයිතියක් රජයේ පාර්ශව හැරුණු කළ ප්‍රකට ව්‍යාපාරික හැරි ජයවර්ධන සතු වන අතර මේ නිසා පසුගිය කාලයක් මුළුල්ලේ මෙන්ම දැන්ද එහි සභාපතිත්වය උසුලන්නේ ඔහුගේ පාර්ශ්වයන් නියෝජනය කරන පුද්ගලයින්ය.NDB හි තීරණාත්මක අයිතියක් රජයේ පාර්ශ්ව හැරුණු කළ හිමිකම් ලබන්නේ එහි උප සභාපති අශෝක් පතිරගේ හා ඔහු ආශ්‍රීත සමාගම්ය.
ලක් රජයේ සංවර්ධන බැංකු ද්විත්වය ලෙස ඇරඹ් DFCC සහ NDB බැංකු මේ වන විට වාණිජ බැංකු බලපත්‍ර (මර්ක් බැංකුව අත්පත් කර ගනිම්න් DFCC වර්ධන බැංකුව පිහිටුව්ම) ලබා ඇත. සාපේක්ෂව මෙම බැංකු දෙක අතුරින් වත්කම් පදනමින් NDB බැංකුව ඉදිරියෙන් සිටි.
මෙම බැංකු දෙක වෙන් වෙන් වශයෙන් ගත් කළ ඒවායේ ශේෂ පත්‍ර ඉතා කුඩා නිසා ඒවාට පසුගිය අයවැයෙන් යෝජනා කළ ඩොලර් මිලියන 250 ජාත්‍යන්තර බැදුම්කර නිකුතුවද සාක්ෂාත් කර ගැනිමට නොහැකි විය.අවසානයේ DFCC බැංකුව පමණක් ඩොලර් මිලියන 100 ක් රැස් කර ගත්තේය.NDB වෙනත් සාමුහික ණයක් ලබා ගත්තේය.
කොමාර්ෂල්,හැටන් නැෂනල් සහ සම්පත් බැංකු වලින් පසු වැඩ්ම වත්කම් පදනමක් ඇති මෙරට පුද්ගලික වාණිජ බැංකුව බවට මෙම ඒකාබද්ධ විම අනුව උපදින නව බැංකුව පත් විමට නියමිතව තිබුණද පසුගියදා ඇමෙරිකාණු ඩොලර් මිලියන 117 ක විදේශ් ආයෝජනය ලැබිමේ නිවේදන අනුව මෙම සිවිවන තැන කොළඹ යුනියන් බැංකුවට හිමිවිමට නියමිතය.