මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස 06 හා 12 බිල්පත් පොලී අනුපාතය ඉහළ ගිය අතර මාස තුනේ බිල්පත් සඳහා ඉදිරිපත් වූ ලංසු ප්රතික්ෂේප විය.
මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව මාස හයේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය පදනම් අංක 07 කින් ඉහළ ගොස් සියයට 11.90 ක් වෙද්දී අවුරුද්දේ බිල්පත් පොලී අනුපාතය පදනම් අංක 11 කින් ඉහළ ගොස් සියයට 12.48 ක් විය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා පැවසුවේ මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය කල් පිරීමේදී ඉදිරියේදී ඒවා වෙළඳ පොළට විකුණා දැමීමට සූදානම් බවයි.
මේ නිසා, රුපියල ශක්තිමත් වීමට මග පෑදෙන බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1733654688