අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත ඉහළ ගිය අතර මාස 12 බිල්පත් පොලිය පදනම් අංක 07 කින් ඉහළ ගොස් සියයට 12.39 ක්වූ බව මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව කියයි.
මේ අනුව, මාස තුනේ බිල්පත් පොලී අනුපාත පදනම් අංක 03 කින් ඉහළ ගොස් සියයට 10.66 ක්ද, මාස හයේ බිල්පත් පොලී අනුපාත පදනම් අංක 06 කින් ඉහළ ගොස් සියයට 11.83 ක්ද විය.
රාජ්ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රුපියල් බිලියන 2.0 ක් වටිනා මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 2.9 ක් වටිනා මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 6.9 ක් වටිනා මාස 12 බිල්පත්ද අද පැවති වෙන්දේසියේදී විකුණූ බවයි.
රුපියල් බිලියන 16 ක් වටිනා බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබෙන අතර රුපියල් බිලියන 11.9 ක ලංසු පිළිගෙන ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=649544256