Treasuries yields ease
මේ සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත අඩුවූ අතර මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 09 කින් පහළ ගොස් සියයට 9.81 ක් විය.
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුවට අනුව මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 03 කින් පහළ ගොස් සියයට 8.70 ක්ද අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 10.85 ක්ද වී ඇත.
මෙවර වෙන්දේසියේදී රුපියල් බිලියන 1.3 ක මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 3.0 ක මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 20.3 ක අවුරුද්දේ බිල්පත්ද විකුණා තිබේ.