මීට අමතරව, පිළිගත් සමාගම්වල ණය කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීමද වෙළඳ පොළ ප්රසාරණයට හා ප්රාග්ධනය වැඩිකර ගැනීමට දායක වන බැවින් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කරන බැඳුම්කරවල පොලී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර ඇත.
විදේශ රැකියාවල යෙදෙන අයට හා විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ඉතිරිකිරීම් සඳහා ඒකකභාර ජනප්‍රිය කරවීමට එම ඒකකවල සුරැකුම් ආයෝජන ගිණුමෙන් තොරව සෘජුව විදේශ මුදල් ආයෝජනය කිරීමට ඉඩ සැලැස් වීමට 2013 අයවැය මගින් අවස්ථාව ලබාදී තිබෙන අතර ඒකක භාර කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ඒකක භාර වලට අදාළ සියයට 10 ක බද්ද එම කළමනාකරණ සමාගම් වලටද අදාළ කිරීමට යෝජනා කර තිබේ.
මීට අමතරව, වෙළඳ පොළ ගනුදෙනුවල කොටස් හුවමාරුවේදී සිදුවන ආන්තික වෙළඳාම මුද්දර බද්දෙන් නිදහස් කිරීමටද ප්‍රාග්ධන වෙළඳ පොළ සංවර්ධනය කිරීම සඳහා සකස් කළ ප්‍රධාන සැලැස්ම අදාළ පාර්ශව සම්බන්ධීකරණය කරමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමටද යයි.
ණය සහ ප්‍රාග්ධන වෙළඳ පොළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට තැරැව්කරුවන්ගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට තැරැව්කාර සමාගම්වල තොරතුරු තාක්ෂණික ශාඛා පද්ධතිය හා අනිකුත් ප්‍රාග්ධන වියදම් දැරීමේදී ගෙවීමට සිදුවන සියළු බදු ප්‍රාග්ධන වියදම් වශයෙන් එකවර ක්ෂය කිරීමට යෝජනා කර ඇත.
එසේම, ප්‍රති රක්ෂණය වෙනුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවනු ලබන සියයට 20 ක වාරිකය සියයට 30 ක් දක්වා වැඩි කිරීමටත් එම මුදල් සියල්ල යොදා ජාතික ප්‍රති රක්ෂණ අරමුදලක් පිහිටුවීමටත් සූදානම් වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=503938992