ප්‍රාග්ධන වටිනාකම රුපියල් බිලියන 2.48ක් ලෙස පවතින අතර ප්‍රාග්ධන ප්‍රමාණවත් බවේ අනුපාතිකය පළමු ස්ථරයේ 15.21%ක් ලෙසත් දෙවැනි ස්ථරයේදී 15.40%ක් ලෙසත් පවත්වාගෙන ඇති අතර අනාගතය පිළිබඳ දැක්මක් සහිතව විචක්ෂණශීලි මූල්‍ය ප්‍රතිපත්ති මගින් පොලී අනුපාත අවදානම අවම කරමින් හා ද්‍රවශීලිතාව රැක ගනිමින් ණය නිකුත් කිරීම වර්ධනය කර ගැනීමට CDB ආයතනය සමත්ව ඇති අතර නෛතික ද්‍රවශීලිතා අනුපාතය 15.85%ක් ලෙස පවත්වාගෙන යනු ලබයි. තවද ශේෂ පත්‍රයේ සඳහන් වත්කම් වලින් 89% පොලී ආදායම් උපදවන කි‍්‍රයාකාරී වත්කම් වීමද සුවිශේෂි වේ.
CDB කළමණාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී මහේෂ් නානායක්කාර මහතා ප්‍රකාශ කළේ පවතින මුදල් වර්ෂය සඳහා වූ ඉලක්ක රැසක් ජයගනිමින් CDB ආයතනය වත්මන් වෙළඳපළ තුළ වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින බවය. ගෙවී ගිය කාලසීමාව තුළ CDB ආයතනය වැදගත් සන්ධිස්ථාන රැසක් පසු කරමින් සීඝ්‍ර වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. බැංකු නොවන මූල්‍ය ආයතන අතර පළමුවරට ශී‍්‍ර ලංකාව තුළ VISA ජාලය ඔස්සේ ගනුදෙනු සඳහා අවස්ථාව සලසාදීම CDB ආයතනය විසින් පසුකල සුවිශේෂි සන්ධිස්ථානයකි.
තවද අන්තර් බැංකු ගෙවීම් සේවාවේ (Slips) හි සාමාජිකත්වය ලද ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතනය වන්නේද CDB ආයතනයයි. ඊට අමතරව සහශ්‍රයේ තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් ඉන්දියාවේ පොලාරිස් මෘදුකාංග සේවාවන් යොදා ගනිමින් NBIF ඔස්සේ ගනුදෙනු කරනු ලබන මධ්‍ය බැංකු ගණයට අයත් ශී‍්‍ර ලංකාවේ එකම මූල්‍ය සමාගම වන්නේද CDB ආයතනයයි. සිය සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සඳහා CDB ආයතනය නවතම ශාඛා 7ක් සිය ජාලයට එක් කිරීමත් සමග රටපුරා විහිදී ඇති මධ්‍යස්ථාන 43ක සිට සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් සිටියි.
http://sinhala.adaderana.lk/news.php?nid=29853