Tuesday, 05 April 2011 19:06
Sri Lanka Laugfs to get half of state LPG output
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිපදවන ගෑස් සිය සමාගමට ලබාදීම කප්පාදු කිරීමට ඛනිජ තෙල් අමාත්යංශය ගත් තීරණය වෙනස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
මේ අනුව, ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරන්නේ අදාළ ගෑස් වලින් සියයට 50 ක ප්රමාණයක් තම සමාගම වෙත ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙන බවයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිපදවන ගෑස් සම්පූර්ණ ප්රමාණයම මීට පෙර ලාෆ්ස් ගෑස් සමාගමට ලබාදුන්නද ෂෙල් ගෑස් සමාගම රජයේ හිමිකාරීත්වයට පත්වීමෙන් පසුව එම ගෑස් වලින් සියයට 70 ක් ලිත්රෝ ගෑස් සමාගමටත් සියයට 30 ක් ලාෆ්ස් සමාගමටත් ලබාදීමට පසුගියදා ඛනිජ තෙල් අමාත්යංශය තීරණය කළේය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2350&Itemid=56