මියගිය දරුවාගේ රූපය බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති වෙනස් කරයි - http://sinhala.lankaherald.com/?p=22068
විදෙස් පුවත් September 9, 2015 No Comments on මියගිය දරුවාගේ රූපය බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති වෙනස් කරයිමුහුදු වෙරළට ගොඩගසා තිබූ කුඩා දරුවාගේ මළ සිරුරේ දර්ශන නැරබිමෙන් සසල වූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍යයේ කඳවුරුවල අවතැන්ව සිටින සිරියානු වැසියන් 20,000ට එරටට ඇතුළුවීමට වීසා ලබාදෙන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔවුන්ට මානවවාදී ආරක්ෂක වීසා අවසර පතක් සහිතව වසර පහක කාලයක් බ්‍රිතාන්‍යයේ සිටීමට අවසර ලබාදෙන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසුවේය. මෙම 20,000ක පිරිස තෝරාගැනීමේ දී එක්සත් ජාතීන්ගේ කොන්දේසි මත පිහිටමින් බවත් දරුවන්ට ප්‍රමුඛත්වය ලබාදීම සිදුකරන බව බ්‍රිතාන්‍ය පවසයි.
බ්‍රිතාන්‍ය රජය විසින් මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට ගොඩනගා ඇති අරමුදල් යොදාගෙන මේ පිරිසට සෙත සැළසීමට ද බ්‍රිතාන්‍ය රජය කටයුතු කරන බව පවසයි.
පසුගිය දා මුහුදු වෙරළට ගොඩගසා තිබූ ලෝකයම සසල කළ කුඩා දරුවාගේ මළ සිරුරේ දර්ශන හේතුවෙන් රටේ ප්‍රතිපත්ති පවා වෙනස් කළ බව ද අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.
මේ පිළිබඳව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ප්‍රකාශ කලේ බ්‍රිතාන්‍යයට සරණාගතයන් 20,000ට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීමට හැකියාව ඇති බවයි.