ජල විදුලි සමාගමක් වන Mackwoods Energy සමාගමේ ශුද්ධ ලාභය 2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස හය තුළදී සියයට 24 කින් පහළ බැස ඇතැයි එහි නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වේ.
මෙයට හේතුවී ඇත්තේ අදාළ කාල සීමාවේදී සමාගමේ ආදායම් වැඩි නොවීමත් මෙහෙයුම් පිරිවැය වැඩිවීම යන කාරණායි.
2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස හයක කාලයේදී සමාගම වාර්තා කර තිබෙන කොටසකට අදාළ ලාභය ශත 31 කි.
කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තු ගතව තිබෙන Mackwoods Energy සමාගම අර්ධ වාර්ෂික ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කරයි.
මේ වසරේ මුල් අර්ධයේදී දැඩි නියඟයක් පැවතියත් පසුව ඇද හැලුණු වර්ෂාපතනය නිසා ජල විදුලි උත්පාදනය කිරීමේ හැකියාව ඉහළ නැගුණි.
ගෙවුණු සැප්තැම්ර් වලින් අවසන් වන මාස හයක කාලයේදී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සමාගමේ ආදායම් සියයට 2.1 කින් අඩුවී එය රුපියල් මිලියන 128 ක්වී ඇති අතර විකුණුම් පිරිවැය සියයට 53 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 92 ක් වෙද්දී දළ ලාභය සියයට 49 කින් පහළ ගොස් රුපියල් මිලියන 35 ක්වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=864652470