සතියක් තුළ කොටස් වෙළෙඳපොළේ 5% ක වර්ධනයක්. අඛණ්ඩව සිව්වන දිනයටත් දෛනික පිරිවැටුම රු. බිලියන 3 ඉක්මවයි
September, 18, 2020මේ අනුව මෙම සතිය තුළ වාර්තා වන සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 15.97 ක් ලෙසින් වාර්තා වේ.
අද (18) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 62.01 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 5,720.67 ක් ලෙසින් සටහන්ව තිබුණි. එය දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය 1.10% කින් ඉහළ යාමක් වේ.
මෙම සතිය ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය දැක්වුණේ ඒකක 5,438.91 ලෙසිනි. ඒ අනුව සතිය තුළ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 281.76 ක් හෙවත් 5.18% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ.