පොලී අනුපාත වැඩි කිරීම සහ ණය වර්ධනයේ පාලනයක් මධ්‍යයේ වුවද බැංකුවට මෙම ප්‍රබල කාර්ය සාධනය අත්කරගත හැකි වූයේ එහි ප්‍රධාන බැංකු සේවා මෙහෙයුම්වල වර්ධනය නිසාය. 2012 වසරේ ප්‍රථම හය මාසය තුළ ශුද්ධ පොලී ආදායම 15% කින් වැඩිවී රුපියල් මිලියන 4276 ක් විය. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ තත්ව අත්තිකාරම් සහ කාර්යක්ෂම ආන්තික කළමනාකරණයේ වර්ධනය නිසාය.මෙම වසරේ ප්‍රථම හය මාසය තුළ බැංකුවේ ණය සහ අත්තිකාරම් 18% කින් වාර්ෂිකව වැඩිවිය.
පොලී නොවන ආදායම රුපියල් මිලියන 1171 සිට 2012 මුල් හය මාසය තුළ රුපියල් මිලියන 1237 දක්වා වැඩිවිය. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූයේ විදේශ විනිමය ආදායම වැඩිවීම වූ අතර පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී එය 20% කින් ඉහළ ගොස් තිබේ.
සමාලෝචනයට ලක්වන මෙම හය මාසය තුළ බැංකුව එහි මූලික පිරිවැය පාලනය කෙරෙහි සැලකිය යුතු ලෙස අවධානය යොමු කළේය. පිරිවැය කාර්යක්ෂමතාවන් වැඩිදියුණු කිරීමට දැරූ ප්රයත්න වල ප්‍රතිඵලයක් වශයෙන් ආදායමට පිරිවැයෙහි අනුපාතය 67% දක්වා වැඩිදියුණු වූ අතර එය 2011 දෙසැම්බර් මාසයේ සිට 6% ක අඩුවීමකි.
දැඩි තරඟකාරී වාතාවරණයක් තුළ වුවද බැංකුවට එහි තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 10.3 කින් වැඩිකර ගැනීමට හැකිවූ අතර තිරසාර සහ කාර්යක්ෂම ණය ආපසු අයකරගැනීමේ ක්රමෝපායන් ක්‍රියාත්මක කිරීම නිසා අක්‍රීය ණය සහ අත්තිකාරම් අනුපාතිකය සියයට 14.2% සිට 12.3% දක්වා අඩුකර ගැනීමට හැකිවිය.
සාමාන්‍යාධිකාරි / ප්‍රධාන විධායක නිලධාරි කපිල ආරියරත්න මහතා ප්‍රකාශ කළේ "මෙහෙයුම් කි‍්‍රයාවලියේ ප්‍රගතිය සහ ගනුදෙනුකාර සේවා හා අවදානම් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කළ ව්‍යාපාර ව්‍යාප්ති ක්රමෝපායන් ගෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබීම දැන් ආරම්භ වී ඇති බව මෙම ප්‍රතිඵල මගින් නිසැකවම සනාථ වෙයි. දැන් අපට තිරසාර වර්ධනයක් සහ ලාභය වැඩිකර ගැනීමට විශිෂ්ට වැඩපිළිවෙලක් සැකැසී තිබේ".
2012 මුල් මාස හය තුළ සෙලාන් බැංකුව නව ශාඛා / සේවා මධ්‍යස්ථාන 07 ක් විවෘත කළ අතර ශාඛා 03 ක් ගනුදෙනුකරුවන්ට බෙහෙවින් හිතකර ස්ථාන වලට ගෙන යන ලදී. 2012 ජූනි මස 30 වෙනිදා වන විට මෙම බැංකු ජාලය ශාඛා / සේවා මධ්‍යස්ථාන 138 කින් සහ ATM මධ්‍යස්ථාන 141 කින් සමන්විත විය.
බැංකුවේ ඉදිරි වර්ධනය සැලසුම් කරමින් මෙම බැංකුව 2012 ඔක්තෝබර් මස මුලදී පෞද්ගලික ස්ථාපනයක් මගින් ණයකර නිකුතුවක් නිවේදනය කිරීමට සැලසුම් කර ඇත. නව සේවා සංවර්ධනය, ශාඛා ව්‍යාප්තිය, සේවා ගුණාත්මකභාවය දියුණු කිරීම, කාර්ය මණ්ඩල පුහුණුකිරීම සහ සංවර්ධනය සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් දියුණු කිරීම වැනි බැංකුවේ අනාගත වර්ධන ක්රමෝපායන් සඳහා හඳුනා ගෙන ඇති ප්‍රධාන ක්ෂේත්රවල ආයෝජන කිරීමට බැංකුව බලාපොරොත්තු වෙයි.
සෙලාන් බැංකුවේ සභාපති ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා ප්‍රකාශ කළේ "පසුගිය වසරේ අග භාගයේ සම්පාදනය කළ උපාය මාර්ගික සැලැස්මේ අරමුණු සාක්ෂාත් කරගැනීම කෙරෙහි අපි අවධානය යොමු කරමු. අනාගත වර්ධන ක්රමෝපායන් සැළසුම් කොට ඇති අතර ඒ සඳහා අපගේ ප්‍රාග්ධන සහ පාලන ව්‍යුහය වර්ධනය කිරීමට අපි පියවර ගෙන ඇත්තෙමු" .
අර්ධ වාර්ෂික ලාභය ඉහළ මට්ටමට ළඟා වී ඇති බැවින් කොටසක මූලික ඉපැයුම රුපියල් 6.04 ක් වන (වාර්ෂිකව) අතර සාමාන්‍ය වත්කම් මත ප්රතිලාභ (බදු පෙර ලාභය) සහ කොටස් සඳහා ප්රතිලාභ පිලිවෙලින් 1.90% සහ 11.50% වේ.
http://sinhala.adaderana.lk/news.php?nid=26622