ආර්ක් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයක් සමඟින් ශී‍්‍ර ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට යන බව නිවේදනය කර සිටී. මෙහිදී කර්මාන්ත ක්ෂේත‍්‍ර ගණනාවක් යටතේ සමාගම් 72 කට අධික ප‍්‍රමාණයක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ. සුළං බලශක්තිය, රථවාහන, මාධ්‍ය, සංචාරක, අපනයන හා පරිසර හිතකාමී ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයන් ඇතුළු සමාගම් ගණනාවක් අරඹමින් මෙරට ආර්ථිකයේ අභිවෘද්ධිය පිණිස දායක වීම සමාගමේ අරමුණයි.
මේ සඳහා අවශ්‍ය ආයෝජන අරමුදල් මූලාශ‍්‍ර ගණනාවකින් සම්පාදනය කර ගැනීමට නියමිතය. එහිදී මියාමි හි කෑෂ් මනී බෑන්ක් වෙතින් ලැබෙන ප‍්‍රදානයන්, ‘‘හෙවන් ඔෆ් ඇෆ්රිකා’’ ව්‍යාපෘතිය ඇතුළු එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තයේ විවිධ වූ සංවිධාන මගින් ලැබෙන අරමුදල් හරහා ආයෝජන මණ්ඩලය තුළින්, මෙම ශී‍්‍ර ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය ඇරඹීම සඳහා අරමුදල් සම්පාදනය කරනු ඇත. තවද මෙහිදී ඇරඹීමට යෝජිත අනුබද්ධ සමාගම් තුළින් ආරම්භයේ දී අවම වශයෙන් රැකියා අවස්ථා 10,000 කට අධික ප‍්‍රමාණයක් නිර්මාණය කිරීමට ද ආර්ක් හෝල්ඩිංග්ස් බලාපොරොත්තුවෙන් සිටී.
මෙම නව සමාගම් සමූහය මෙරටට හඳුන්වාදෙමින් ආර්ක් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජනිත් ඩයස් බණ්ඩාරනායක මහතා සිය අනාගත සැලසුම් පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. ‘‘අප රටේ හා ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් අපට දායකත්වයක් ලබාදිය හැකි සංකල්පයක් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව සැබැවින්ම අප සතුටුවෙනවා. අපට ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් වත්මන් කාලය හැර අපේ රට, අපේ උරුමය ගැන සතුටු විය හැකි වෙනයම් කාලයක් නැති තරම්. මෙහිදී විශේෂයෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අපහට, මෙරටට නව තාක්‍ෂණය හඳුන්වාදීම්, නව්‍ය පර්යේෂණ හා සංවර්ධන වැඩිදියුණු කිරීම් සම්බන්ධව සුභාශිංෂන පිරිනැමීම පිළිබඳව මාගේ විශේෂ ස්තුතිය එතුමාට පුදකර සිටිනවා. අප මෙහි පැමිණයේ වෙනසක් කිරීමට හා වෙනසක් සිදුවනු දැකීමේ බලාපොරොත්තුවෙනුයි. ඒ සඳහා වන ආරම්භක පියවර අප දැන් තබා තිබෙනවා.’’
ආර්ක් හෝල්ඩිංග්ස් හි සාමාරම්භක අවස්ථාව දියත් කිරීමේ කටයුතු දෙසැම්බර් 21 දා ඇරඹීමට නියමිතය. සැණකෙළි ස්වරූපයක් ගන්නා මෙම කටයුත්ත කොළඹ 04 සිට ගාලූ මුවදොර දක්වා “I am Aark” නම් හරිත තේමාව මූලික කරගනිමින් පැවැත්වේ. මෙම සංකල්පය ජනතාව අතර මිත‍්‍රත්වය, එකමුතු බව නිර්මාණය කරනා සත්‍ය, අව්‍යාජ උත්සාහයන්, සැබෑ විශ්වාසයන් හා දයානුකම්පාව ආදිය කැටිකර ගත්තකි. එමෙන්ම ජනතාව අතර වාර්ගික සංහිඳියාව, සැබෑ ආර්ථික වර්ධනය හා මූල්‍ය ස්ථායිතාව ඉස්මතු කරලීම හා ප‍්‍රවර්ධනය සඳහා මෙහිදී කි‍්‍රයා කෙරෙනු ඇත. මෙම කටයුත්තේ දී ජනතාවගේ දායකත්වය ප‍්‍රබල ලෙස ලබාගැනීමේ පියවරක් වශයෙන් කෙටි පණිවුඩ ව්‍යාපාරයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන අතර මීට සමගාමීව ජනතාවට මූල්‍ය ප‍්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් අන්තර්ජාලගත ලොතරැයි දිනුම් ඇදීමක් ද හඳුන්වාදීමට නියමිතය.
ආර්ක් හෝල්ඩිංග්ස් කීර්තියක් උසුලන්නේ සුළං බලශක්ති ක්ෂේත‍්‍රය තුළයි. එහිදී ස්විට්සර්ලන්තය සමඟ වින් පවර් ලංකා (පුද්) සමාගම විසින් ජාතික පද්ධතියට මෙගාවොට් 6 ක සුළං බලශක්තියක් එක්කිරීමට පියවර ගැනේ. තවද මේ වන විට ශී‍්‍ර ලංකා රජයේ ද සහයෝගය සහිතව Chinese United Association හා China Guodian Group Corp එක්ව ජාතික පද්ධතියට මෙගාවොට් 100 ක සුළං බලශක්තියක් එක්කිරීම පිළිබඳව ක්‍ෂුද්‍ර අධ්‍යයනයක් සිදුකර ඇත.
http://www.lankabusinessnews.com/12.12.December/094.Aark.html