රන්දොර එල් කේ වෙබි අඩවියෙනි
කොළඹ කොටස් වෙළෙඳ පොළ කලකට පසු අද රුපියල් බිලියන 2.5 ක ඉහළ පිරිවැටුමක් වාර්තා කලද එයින් රුපියල් බිලියන 1.8 කටම හිමිකම් කිවේ ප්‍රකට ව්‍යාපාරික අශෝක පතිරගේ නායකත්වය දෙන ආසිරි රෝහල් සමුහයේ අභ්‍යන්තර ගනුදෙනුවකට බව තැරුවිකාර ප්‍රජාව පවසති.
කෙසේවෙතත්,අද දිනය පුරා ක්‍රෝෂීං හෙවත් කොටස් වෙළෙඳ පොළ කලින් ගිවිසගත් පුද්ගලික පාර්ශව අතර මහ පරිමාණ ගනුදෙනු 04 ක් වාර්තා වු බවද මෙම ප්‍රජාව කියති.
මේ අනුව අද සියළු කොටස් මිල දර්ශකය ඒකක 4.28 කින් ඉහළ යමින් ඒකක 5,507 වෙද්දි MPI ඒකක 27.40 කින් ඉහළ යමින් ඒකක 5,039 විය.
“මේ දිනවල සැම තැරුවිකාර ආයතනයකටම පාහේ විදේශ ආයෝජකයින්ගෙන් දැඩි ඉල්ලමුක් තිබෙනවා.මෙය අප බලාපොරොත්තු නොවු දෙයක්.ඒ කෙසේවෙතත්,නිවාඩු සමයන් අභීයස වෙළෙඳ පොළ මන්දගාමි මටිටමක ගමන් කරනු දක්නට ලැබෙනවා” යැයි සොෆ්ටිලෝජික් තැරුවිකාර සමාගමේ පර්යේෂණ අංශ ප්‍රධානි දිමන්ත මැතිවි රන්දොරට කීය.
ආශා සෙන්ට්‍රල් ASHA හි කොටස් මිලියන 7.3 ක් අද රුපියල් 250 ක ට ක්‍රෝෂීං ගනුදෙනුවක් මගින් ආසිරි හොස්පිටල් සමාගම වෙත පැවරිම අද දක්නට ලැබුණ ප්‍රධානතම ගනුදෙනුව විය.ආසිරි රෝහල් සමාගම යටතට එහි පරිවාර සමාගම් යටතේ ඇති රෝහල් වල අයිතිය පැවරිමට එහි හිමිකාර පර්ශවය ගෙන ඇති පියවර අනුව මෙම ගනුදෙනුව සිදු ව ඇත්තේ හුදෙක්ම එකම සමාගම් සමුහයක අන්තර් ගනුදෙනුවක් ලෙසය.
මේ අතරේ කොමාර්ෂල් බැංකුවේ කොටස් මිලියන 1.65 ක් රුපියල් 103 කට ක්‍රෝෂීං 02 කින්ද,ඩයලොග් කොටස් මිලියන 11.2 ක් රුපියල් 8 බැගින් ක්‍රෝෂීං 02 කින්ද හා සම්පත් බැංකු කොටස් ලක්ෂ 02 ක් රුපියල් 200.50 බැගින් වු ක්‍රෝෂීං ගනුදෙනුවකින්ද අද හුවමාරු විය.
ඊයේ මුල් වරට කොටස් වෙළෙඳ පොළට ආ හික්කඩුව බීච් කොටසක් අද රුපියල් 24.60 ද්කවා සියයට 18 කින් ඉහළ යනු දක්නට ලද හැකි වු අතර ඇක්සස් ඉන්ජිනේරියන් හි කොටසක මිල රුපියල් 17 සිට 18.40 දක්වා අද ඉහළ ගියේ කොටස් 640,000 හුවමාරු වෙමිණි.
ජෝන් කිල්ස් අද රුපියල් 217.80 කොටසක අවසන් මිල නියම වෙත්දි කොටස් මිලියන 155 ක් ගනුදෙනු කරනු ලැබු බව ඒෂීයා සෙකුරිටිස් තැරුවිකාර සමාගම කියයි.
මේ අතරේ SEYB.X සහ HNB.X සක්‍රිය වි ඇත.
PAP.BLUE.X ,HVA , COCR සහ MULL අද අකර්ශණිය කොටස් විය