මෙරට ආර්ථිකය මේ වසරේදී වර්ධනය වනු ඇතැයි තමන් කරන පුරෝකතනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශ කරයි.
මේ අනුව, ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිසේ ප්‍රධානී ජෝන් නෙල්ම්ස් පැවසුවේ මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 6.25 කින් පමණ වර්ධනය වනු ඇතැයි මූල්‍ය අරමුදල පුරෝකතනය කරන බවයි.
උද්ධමනය වැඩිවෙමින් තිබීම වර්ධනයට හා පොලී අනුපාතය තවදුරටත් අඩු කිරීමට බාධාවක් ලෙස පවතින බව හෙතෙම අද කොළඹදී අදහස් දක්වමින් කීය.
එසේම, මෙරට ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන ඇමරිකාවේ හා යුරෝපයේ ආර්ථිකය යථාතත්ත්වයට පත් වෙමින් තිබීම මන්දගාමීවීම ශ්‍රී ලංකාව පාර්ශවයෙන් අහිතකර බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඔහු මෙහිදී පැවසුවේ නියඟය හා අපනයන සඳහා තිබෙන විදේශ ඉල්ලුම අඩුවීම ගිය වසරේදී ලංකාවට පහරක් වූ බවයි.
අයවැය හිඟය අඩු කිරීම සඳහා ලංකාව කරන උත්සාහය අගය කළ ධූත මණ්ඩලයේ ප්‍රධානියා මෙරට රාජ්‍ය ආදායම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පැවසීය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1597086406