කලක් අර්බුදයකට ලක්ව සිටි සෙලාන් බැංකුව 2012 සැප්තැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 589 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 48.5 ක වර්ධනයකි.
මේ අනුව, මෙම කාර්තුවේදී බැංකුවේ කොටසකට අදාළ ලාභය රුපියල් 1.74 ක්වී තිබෙන අතර ගෙවුණු සැප්තැම්බර් දක්වා මාස 09 තුළදී බැංකුව ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 1.6 කි.
මෙම සැප්තැම්බර් කාර්තුවේදී බැංකුවේ පොලී ආදායම සියයට 45.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 4.53 ක්වී තිබෙන අතර පොලී වියදම සියයට 61 කින් වර්ධනය වී රුපියල් බිලියන 2.7 ක්වී ඇත.
මේ අනුව, සමාගම් සමූහයේ ශුද්ධ පොලී ආදායම සියයට 5.44 කින් වර්ධනය වී රුපියල් බිලියන 2.14 ක්වී තිබේ.
මේ අතර, ගාස්තු ආදායම සියයට 8.1 කින් වර්ධනය වී රුපියල් මිලියන 595 ක්ද සඳහන් නොකළ අනිකුත් ආදායම් සියයට 10 කින් වර්ධනය වී රුපියල් මිලියන 477 ක්වී ඇත.
ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව පොලී නොවන වියදම් සියයට 03 කින් අඩුකර එය රුපියල් මිලියන 1.7 ක තබා ගැනීමට බැංකුව සමත්ව තිබෙන බව හෙළිවේ.
2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී බැංකුවේ ක්රියාකාරී ණය ප්රමාණය සියයට 12.8 කින් වර්ධනය වී එහි වටිනාකම රුපියල් බිලියන 97.4 ක් වෙද්දී මහ බැංකුව විසින් මේ වසරේ බැංකුවේ ණය වර්ධනය සඳහා සියයට 18 ක සීමාවක් පනවා තිබේ.
මේ අතර, අක්රීය ණය අනුපාතය සියයට 3.5 කින් පහළ ගොස් රුපියල් බිලියන 20.9 ක්වී ඇතිබව නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.
බැංකුව විසින් අක්රීය ණය සඳහා රුපියල් මිලියන 119 ක ණය ප්රතිපාදන වෙන්කර තිබෙන අතර තැන්පතු සියයට 11.3 කින් රුපියල් බිලියන 135 ක් දක්වා වර්ධනය වී ඇත.
මේ අතර, සමූහයේ දළ වත්කම් සියයට 7.42 කින් වර්ධනය වී රුපියල් බිලියන 179 ක් වෙද්දී ශුද්ධ වත්කම් සියයට 7.21 කින් වර්ධනය වී රුපියල් බිලියන 19.2 ක්වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=1659330592