සංචාරක කර්මාන්තය දෙසට මෙරට තිබෙන නැඹුරුව ඉතාමත් ඉහළ තලයකට පැමිණෙද්දී මෙරටට සංචාරකයින් පැමිණීම පිළිබඳ නවතම දත්ත හෙළිවේ.
මේ අනුව, රජයේ නිළ දත්ත වලට අනුව 2012 ජූලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 7.8 කින් වර්ධනය වී තිබෙන අතර පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය 90,338 කි.
මේ අතර, 2012 ජූලි දක්වා මාස 07 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 16.7 කින් වර්ධනය වී තිබෙන අතර සංචාරකයින් 543,205 ක් පැමිණ ඇත.
ජූලි මාසයේදී දකුණු ආසියාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 9.7 කින් අඩුවී 16,837 ක් වෙද්දී ලංකාවට වැඩියෙන්ම පැමිණෙන ඉන්දියානුවන්ගේ පැමිණීම සියයට 8.1 කින් අඩුවී 11,564 ක්වී ඇත.
කෙසේවෙතත්, ජූලි මාසයේදී බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 22 කින්ද නැගෙනහිර යුරෝපයෙන් පැමිණි ප්‍රමාණය සියයට 42.5 කින්ද වර්ධනය වීම කැපී පෙනෙන අතර මැද පෙරදිගින් පැමිණි ප්‍රමාණය සියයට 45.2 කින් පහළ බැස තිබේ.
මීට අමතරව, නැගෙනහිර ආසියාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 27 කින්ද, උතුරු ඇමරිකාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 15.5 කින්ද, ඕස්ට්‍රේලියාවෙන් පැමිණි ප්‍රමාණය සියයට 27.3 කින්ද වර්ධනය වී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1600849864