රුපියල් මිලියන 41.7 ක වියදමින් සහල් සැකසුම් හා බෙදාහැරීමේ සමාගමක පාලනය නතුකර ගත්බව “ඇග්ස්ටාර්“ ෆර්ටිලයිසර්ස් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
මේ අනුව, සමාගම විසින් දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර කේන්ද්‍ර කරගත් මහවැලි රයිස් ප්‍රොසෙසින්ග් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සියයට 51 ක කොටස් මිලදීගෙන ඇත.
2012 දෙසැම්බර් කාර්තුවේදී ඇග්ස්ටාර් සමාගම විසින් රුපියල් මිලියන 104 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 2011 දී වූ රුපියල් මිලියන 86.7 ක ලාභය සමග සැසඳීමේදී සියයට 23 ක වර්ධනයකි.
පසුගිය දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ ආදායම 2011 අදාළ කාලයට සාපේක්ෂව සියයට 24 කින් රුපියල් මිලියන 576 ක් දක්වා වැඩිවී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1708903896