Monday, 14 March 2011 12:03
Sri Lanka vehicle imports race ahead in 2010
රජය පසුගියදා මෝටර් රථ වාහන බදු විශාල ලෙස අඩුකිරීම හමුවේ 2010 වසරේදී මෙරටට ආනයනය කළ මෝටර් රථ ප්රමාණය 2009 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩිවූ බව ශ්රී ලංකා මහ බැංකු දත්ත අනාවරණය කරයි.
මේ අනුව, ශ්රී ලංකා මහ බැංකුව විසින් පෙන්වාදී තිබෙන්නේ 2010 වසරේදී මෙරටට ආනයනය කළ මෝටර් රථ ප්රමාණය 23,072 ක්වූ බවත් 2009 වසරේදී ආනයනය කර තිබුණේ මෝටර් රථ 5,762 ක් පමණක් බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් මෙරටට මෝටර් රථ 4,583 ක් ආනයනය කර තිබේ.
මීට අමතරව, ගිය වසරේදී ආනයනය කළ සියළු වර්ගයේ වාහන ප්රමාණය සියයට 75.9 කින් වැඩිවී වාහන 359,243 ක් ගෙන්වා තිබෙන බවත් එම දත්ත පෙන්වා දෙයි.
ගිය වසරේදී මෙරටට ගෙන්වූ යතුරු පැදි ප්රමාණය සියයට 51.2 කින් වැඩිවී යතුරු පැදි 204,811 ක් ගෙන්වා තිබෙන අතර පසුගිය දෙසැම්බරයේ පමණක් යතුරු පැදි 20,000 ක් ආනයනය කර ඇත.
එසේම, ගිය වසරේදී මෙරටට ගෙන්වූ ත්රි රෝද රථ ප්රමාණය සියයට 120 කින් වැඩිවී එම ප්රමාණය 85,648 ක්ද, බස් රථ ආනයනය සියයට 237 කින් වැඩිවී බස්රථ ප්රමාණය 2,491 ක්ද වී තිබේ.
http://www.vimasuma.com