Sri Lanka in bid to draw courier airlines to new airport
මත්තල ගුවන් තොටුපොළ පදනම් කරගෙන මෙහෙයුම් කටයුතු කිරීමට ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම් සමග රජය සාකච්ඡා කරමින් සිටින බව අනාවරණය වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය පැවසුවේ මෙම සමාගම් අතර UPS, Fedex සහ DHL සිටින බවයි.
අදාළ සමාගම් වලට අප්‍රිකානු මහද්වීපයට සේවා ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය මත මේ පිළිබඳව අවධානය යොමුකර තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට, ප්‍රධාන පෙළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සමාගම් ඩුබායි මධ්‍යස්ථානය කරගෙන සිටින බවත් ඩුබායි සමග සැසඳීමේදී ලංකාවේ ශ්‍රමයේ මිල අඩුවීම හා හම්බන්තොට තිබෙන උපාය මාර්ගික වැදගත්කම මේ සඳහා අවස්ථාවක් බවත් හෙතෙම පැවසීය.
මීට අමතරව, හම්බන්තොට ආශ්‍රිතව තිබෙන විශාල ඉඩම් ප්‍රමාණයද මේ සඳහා අවස්ථාවකි.