ෆිච් පවසා තිබෙන්නේ මෙම ණය ශ්‍රේණිය හා ඉදිරි දැක්ම මගින් වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කුඩා බව හා ඉතාමත් වේගයෙන් වර්ධනය වන වත්කම් පදනම පිළිබිඹු වන බවයි. මේ අනුව, 2010 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා සමාගමේ වත්කම් පදනම පස් ගුණයකින් පමණ වර්ධනය වී තිබෙන බවත් ණය ශ්‍රේණිය මගින් සමාගමේ ප්‍රමාණවත් ලාභදායීතාවය හා සංවර්ධනය වන සන්නම් නාමය සහ වෙළඳ පොළ කොටසද පිළිඹිබු වන බවත් සඳහන්ය.
කෙසේවෙතත්, ෆිච් පවසා තිබෙන්නේ වත්කම්වල ගුණාත්මක භාවය පිළිබඳ දර්ශක පිරිහීම සහ දුර්වල ප්‍රාග්ධනීකරණය සමාගම පාර්ශවයෙන් අවධානමක් ලෙස තිබෙන බවයි. උත්සන්න වෙමින් තිබෙන ද්‍රවශීලතා පීඩනය වැලිබල් ෆිනෑන්ස් ඇතුළු ලංකාවේ සියළුම මූල්‍ය සමාගම් වෙත අවධානමක් ලෙස තිබෙන බව වැඩිදුරටත් සඳහන්ය.
මේ අතර, වැලිබල් ෆිනෑන්ස් සමාගම ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය සඳහා සහභාගීවීම නතර කිරීමට තීන්දු කිරීම නිසා සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම් වලින් ඉවත් වීමට ෆිච් රේටින්ග්ස් තීරණය කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1862179222