කලම්බෝ ලෑන්ඩ් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සමාගමට පූර්ණ අනුබද්ධ ලිබර්ටි ඩෙවලොපර්ස් සමාගම විසින් කොල්ලුපිටියේ පිහිටි ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළඳ සංකීර්ණය රුපියල් මිලියන 600 ක ආයෝජනයකින් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹෙයි.
ලිබර්ටි ප්ලාසා වෙළඳ සංකීර්ණය කලම්බෝ ලෑන්ඩ් සමාගමට අයත් වන අතර මෙම පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන මණ්ඩල බදු සහන හිමිවේ.
ව්‍යාපෘතිය 2013 පෙබරවාරි මාසයේදී ආරම්භ කෙරුණු අතර වසරක් තුළ අවසන් කිරීම අපේක්ෂාවයි.
මේ යටතේ එකක් වර්ග අඩි 20,000 ක් වන තට්ටු දෙකක් වෙළඳාම් කටයුතු වෙනුවෙන් සංවර්ධනය කරන අතර ඒවාටම සම්බන්ධ වන ලෙස රථ ගාල් ඉදිකෙරේ.
මීට අමතරව, දෙවැනි තට්ටුවේ දැනටමත් තිබෙන කාර්යාල ඉඩ පහසුකම් වර්ග අඩි 20,000 ක වෙළඳාම් කරන ඉඩක් බවට පරිවර්තනය කෙරේ. සමාගම විසින් පවසා තිබෙන්නේ දෙවන තට්ටුවේ සංවර්ධනය කරන ආපනශාලා ගොනුව තුන්වන පාර්ශවයක් මගින් මෙහෙය වීමට සැලසුම් කර තිබෙන බවයි.
එසේම, ආර්.ඒ.ද. මෙල් මාවතට මුහුණ ලා දැවැන්ත LED තිර දෙකක්ද සවිකිරීමට නියමිතය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=177874105