පසුගියදා රජය විසින් මහා පරිමාණ සිල්ලර වෙළඳ අංශය සඳහා හඳුන්වා දුන් අගය එකතු කිරීමේ බද්දෙන් සමාගමට විශාල පහරක් වැදී තිබේ.
මේ අනුව, ගෙවුණු මාර්තු කාර්තුවේදී සමාගම කොටසකට අදාළව ශත 09 ක පාඩුවක් ලබා තිබේ. 2013 මාර්තු වලින් අවසන් වන මුදල් වසර තුළදී ඔඩෙල් විසින් ශත 88 ක කොටසකට අදාළ ලාභයක් වාර්තා කර තිබෙන අතර ලබා තිබෙන ලාභය රුපියල් මිලියන 157 කි.
මාර්තු කාර්තුවේදී සමාගමේ ආදායම සියයට 1.9 කින් රුපියල් මිලියන 984 ක් දක්වා වැඩිවී තිබුණත් විකුණුම් පිරිවැය සියයට 10.9 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 655 ක්වී ඇත. මේ අනුව, දළ ලාභය සියයට 12 කින් අඩුවී රුපියල් මිලියන 329 ක්වී තිබේ.
රජය පසුගියදා මහා පරිමාණ සිල්ලර අංශය සඳහාද අගය එකතු කිරීමේ බද්ද හඳුන්වාදීම නිසා සමාගමේ බදු වලට පසු ශුද්ධ ලාභ සඳහා එල්ල කර තිබෙන්නේ මරු පහරකි.
සමාගම පවසා තිබෙන්නේ මෙම බද්දේ සම්පූර්ණ බර පාරිභෝගිකයාට පැටවිය නොහැකි බවයි.