ශ්‍රී ලංකාවේ හමුදාව විසින් යුධ අපරාධ කළ බවට වාර්තා චිත්‍රපට නිර්මාණය කළ බ්‍රිතාන්‍යය චැනල් 04 නාලිකාවේ කැලම් මැක්රේ කොළඹදී පැවසුවේ සාක්ෂි තිබේ නම් ශ්‍රී ලංකාවේ සිදුවූ යුධ අපරාධ පිළිබඳව තව තවත් වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමට තමන් සූදානම් බවයි.
ඊයේ කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබේ නම්, ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය විසින් සිදුකළ යුධ අපරාධ පිළිබඳව තව තවත් වාර්තා චිත්‍රපට නිර්මාණය කිරීමට මම සූදානම්.“
යනුවෙන් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් කැලම් මැක් රේ පැවසීය.
රජයට එල්ලවී තිබෙන චෝදනා ඉවත නොදමා චෝදනා වලට අදාළ යුධ අපරාධ පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතුබව පැවසූ හෙතෙම සඳහන් කළේ මෙතෙක් කළ වාර්තා චිත්‍රපට සාක්ෂි පදනම්ව සිදුකළ බවයි.
ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ බොහෝ තැන් වලට යාමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
Reference=http://vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1579385497