ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ, Naoyuki Shinohara පැවසුවේ ශ්‍රී ලංකාව විසින් උද්ධමනය, ආර්ථික වර්ධනය සහ විනිමය අනුපාතය යහපත් ලෙස කළමනාකරණය කර තිබෙන බවත් අය වැය හිඟයද තවදුරටත් පහළ දැමීමට තිබෙන කැපවීම පෙන්නුම් කර තිබෙන බවයි.
මෙරට විශාල අයවැය පරතරයක් තිබෙන අතර එයට හේතුවී තිබෙන්නේ ජනතාවට බදු ලෙස ගෙවිය හැකි මුදලට වඩා විශාල මුදලක් රජය විසින් වියදම් කිරීම නිසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් වන හදිසි අවධානමක් තමන් නොදකින බව පැවසූ මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂවරයා පැවසුවේ නව විදේශීය ණය වැඩිවන විට සහ වාණිජ ණය සඳහා ගෙවීම් කටයුතු කරන විට ලංකාව ඉදිරියේ අවධානම් ඇතිවිය හැකි බවයි.
අයවැය හිඟය අඩුකර ගන්නා විට ඉදිරියේදී ලබාගත යුතු ණය අඩුවන බවත් එය ආර්ථික ස්ථායීතාවයට හේතුවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ ගෝලීය ආර්ථික කටයුතු මන්දගාමී වීම හමුවේ අනාගතයේදී ලංකාවේ අපනයන වලට පහරක් එල්ල විය හැකි බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1595685329