රුපියල් බිලියන 15ක EPF අරමුදලේ කොටස් විදෙස් සමාගමකට
March 16, 2012 at 2:32 pm | Lanka C News.
කොළඹ කොටස් වෙළඳපලේ ජෝන් කීල්ස් සමාගමේ ආයෝජනය කර ඇති සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන 15 ක් වටිනා කොටස් මිලියන 70 ක් මලයාසියානු සමාගමක් වෙත පැවරීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ජෝන් කීල්ස් සමාගමේ තුන්වන විශාලම ආයෝජකයා ලෙස සැලකෙන්නේ සේවක අර්ථ සාධක අරමුදල වන අතර පෞද්ගලික අංශයේ සේවකයින්ට අයත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් මහ බැංකුව විසින් සමාගම් කිහිපයක ආයෝජනය කර තිබේ.
ජෝන් කීල්ස් සමාගම සතු අර්ථ සාධක අරමුදලේ මුදල් මලයාසියානු කසනා සමාගම වෙත පැවරීම සඳහා සිදු කරන සාකච්ඡා සාර්ථක බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා කියා සිටී. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත් විදේශ විනිමය උපයා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවත් ඒ මහතා වැඩිදුරත් සඳහන් කරයි.