(09/05/13 )- දෙවන සංස්කරණය-සති කිහිපයක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්රජාව අපේක්ෂාවෙන් සිට් Expolanka Holdings PLC (EXPO.N0000:CSE) හි තීරණාත්මක කොටස් ගනු-දෙනුව අදියර 05 කින් ගිවිසගත් ගනු-දෙනු මගින් අද සිදු වු බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.
මේ අනුව පිරිවැටුමට රුපියල් බිලියන 6.2 ක් එක් කරමින් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 586.4 ක් S.G Holdings නම් ජපන් සමාගමක් විසින් මෙහි කොටසක් රුපියල් 10.70 බැගින් මේ අනුව මිළදි ගත් බව මෙම නිවේදනයේ සදහන් වේ.මෙය සමාගමේ බිලියන 1.9 ක් වන මුළු කොටස් ප්රමාණයෙන් සියයට 30 ක් බැවින් මෙහිදි අනිවාර්ය අර්පණයක් සිදු කිරිමටද ඔවුන් සුදානම් වන බවද මෙම නිවේදනයේ සදහන්ය.
ඕස්මාන්,සථා,ෆාරුක් හා ෆාහා සෆික් කාසිම් යන අධ්යක්ෂ වරු කොටස් මිලියන 112 බැගින්ද හා මෙහි ප්රධාන විධායක හනිෆ් යුසුප් කොටස් මිලියන 118 ක්ද මෙහිදි විකුණා ඇත.
හනිෆ් යුසුප් මහතා තවදුරටත් මෙහි ප්රධාන විධායක ධුරයේ රැදි සිටින බවද සදහන්ය.
ඒෂියා කොටස් තැරවිකාර සමාගම මෙහි විකුණුම් පාර්ශ්වය වි ඇති අතරේ New World Securities Ltd මෙහි ගැණුම් පාර්ශ්වය නියෝජනය කර ඇත.
http://www.randora.lk