(08/05/13 )- ශ්‍රී ලංකාවේ නිදහස් වරාය සංකල්පය යටතේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ස්ථාපිත එක්ස්පෝ ලංකා සමාගමට අයත් Expo Global Distribution Centre (EGDC) ගබඩා මෙහෙයුම් මධ්‍යස්ථානය යටතේ සේවාව සැලසු මුල්ම ඇඟළුම් භාණ්ඩ තොගය පසුගියදා ස්වකිය නිදහස් වරාය මෙහෙයුම් සිදූ කළ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.
මේ අනුව,Eskimo Fashion Knitwear මෙම අගය එකතු කළ පහසුකම ලබා ගත් මුල්ම ආයතනය වු අතරේ මේ අනුව අදාල ගැනුම්කරු වුයේ ReimaOy Finland සමාගමයි.
EGDC යනු නිදහස් වරාය සංකල්පය යටතේ සිල්ලර සන්නම් ප්‍රවර්ධකයින්ට මෙරටට රේගු බදු හෝ රේගු පරික්ෂාවකින් තොරව භාණ්ඩ මෙරටට ගෙනඒමේ ගබඩා පහසුකම් සලසන සමාගමකි.
මෙය බෙදාහැරිමේ මධ්‍යස්ථානයක්,ගබාඩාකරණ සේවා,අගය එකතු කිරිමේ සේවා සපයන අතරේ වර්තමානයේ මෙම සමාගම ඇඟළුම් ආශ්‍රිතව මෙම සේවා සපයන බව සදහන්ය.
සිංගප්පුරුව වැනි රටවල නිදහස් වරායවල් ස්ථාපිත කර තිබෙන අතර සෘජුවම වෙළඳ පොළ ඉලක්ක කර භාණ්ඩ ප්‍රවාහනය කිරිම මේ හරහා සිදු වේ.
මෙම යටිතල පහසුකම් නැංවීම මගින් ගුවන් සහ වරාය භාණ්ඩ මෙහෙයුම් අංශයේ විශාල ප්රසාරණයක් රට තුළ ඇතිවී තිබේ. ප්‍රති අපනයනයට ඇති අවස්ථාව ද පුළුල් වී ඇත.
.
වැඩි විස්තර ඉංග්‍රිසියෙන් කියවන්න
http://randora.lk/index.php/lead-article/item/2708-first-shipment-from-expo-global-distribution-centre-egdc-a-leading-boi-logistics-project-leaves-sri-lanka%E2%80%99s-colombo-port-under-free-port-regulations