(10/05/13 )- ශ්‍රී ලංකාවේ දුම්වැට් ඒකාධිකාරය හිමි ලංකා දුම්කොළ සමාගමේ ගෙවුණු මාර්තු කාර්තුවේ ලාභ රුපියල් බිලියන 2.03 දක්වා ඉහළ ගොස් ඇතැයි, සමාගම නිකුත් කළ කාර්තුමය ගිණුම් වාර්තා පෙන්වා දේ.
ඉහළ ආදායම් හා පිරිවැය අවම කිරිමේ ක්‍රියාමාර්ග හමුවේ මෙම ලාභ වර්ධනය කර ගත් බවත් ව්‍යාජ සිඟරට් වැටලිම්ද මෙයට බලපෑ බවත් සමාගම කියයි.ගත වු මාස 03 තුළ මෙම ව්‍යාජ සිඟරට් වැටලිම් 236 කින් රජය රුපියල් මිලියන 332 ක් උපයා ඇත.
පසුගිය වසරේ මේ කාර්තුවේ වුයේ රුපියල් බිලියන 1.4 ක ලාභයකි.
මේ අනුව මෙහි කොටසක ඉපයුම රුපියල් 7.81 සිට රුපියල් 10.82 දක්වා ඉහළ ගොස් ඇත.
මෙහිදි සමාගමේ ආදායම් පසුගිය වසරේ මෙම කාර්තුවේ වු රුපියල් බිලියන 19.7 සිට රුපියල් බිලියන 21.2 දක්වා ඉහළ ගොස් ඇත.
මෙහිදි සමාගම රුපියල් බිලියන 15 ක් මේ වසරේ මුල් මාස 03 තුළ රජයට බදු වශයෙන් ගෙවා ඇති අතර මෙය පසුගිය වසරේ මේ කාලයේ බදු වගකිම හා සාපේක්ෂව රුපියල් බිලියන 0.8 ක ඉහළ යාමක් බවද සදහන්ය.මෙම බදු ආදායම රජයට උපයා දි ඇත්තේ සිඟරට් අලෙවියේ සියයට 3.6 ක අඩු විමක් වාර්තා වු පසුබිමක බවද සදහන්ය.
අපනයන ආදායම් රුපියල් මිලියන 48 ක් වි ඇත්තේ මිලියන 31 කින් අපනයන ප්‍රමානය ඉහළ ගිය වාතාවරණයකදි බවද සදහන්ය.
දුම්වැටි ඇසුරුමක 80% ක ඉඩ ප්‍රමාණයක් තුළ අදාළ සමාගම විසින් දුම්වැටි භාවිතයේ ඇති ආදීනව පිළිබඳ තොරතුරු ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නියෝගයට අදාල අභියාචනාධිකරණ තීන්දුව මෙම 12 දා ලබා දිමට නියමිතය.
http://www.cse.lk/cmt/upload_report_file/460_1399631135265.pdf
http://randora.lk/index.php/markets/corporate-news-announcements/item/2717-tobacoprofit