(12/05/14)- දෙවන සංස්කරණය-කොළඹ කොටස් වෙළෙඳ පොළ අද උදැසන සෝෆ්ට්ලෝජික් හෝල්ඩිංග්ස් හා සියෙරා කේබල්ස් වෙත විශාල ආකර්ශණයක් ඇතිව ගනු-දෙනු සිදු වන බව තැරුවිකාර අංශ කියයි.
මහ පරිමාණ ආයෝජකයින් මෙහිදි සක්‍රිය වි තිබි ඇතැයි මොවුන් පවසන අතර මේ පිළිබඳව කොළඹ කේන්ද්‍රගතව සිදු වන විවිධ කටකතා හා වාර්තා මැද මේ වන විට සාමාන්‍ය පුවරුවේ කොටස් මිලියන 06 .6 ඉක්මවා ගනු-දෙනු අද සිදු වුයේ පසුගිය සති 52 ක කාලයේ ඉහළම මිළකටය .රුපියල් 12.60-13.10 අතර මිලකට මෙහි කොටස් ගනු-දෙනු මේ අනුව සිදු විය.රුපියල් මිලියන 86 ක කොටස් අද මෙහි හුවමාරු විය.
මේ අතරේ සියෙරා කේබල්ස් සදහාද ආකර්ශණයක් විශාල වශයෙන් මුතුව තිබු අතරේ එහි කොටස් මිලියන 17.5 ක් මේ අනුව අද හුවමාරු වුයේ රුපියල් 1.90-2.20 අතර මිලකටය.මේ මිළ ඉහළ යාම සියයට 22.22 කි.
අද උදැසන ගිවිසගත් ගනු-දෙනු 04 ක් වාර්තා වි ඇත.
ඒ අනුව,පසුගිය සිකුරාදා අතුරු ගිණුම් වාර්තා නිකුත් වු ලංකා දුමීකොළ සමාගමේ කොටස් 64,000 ක් කොටසක් රුපියල් 1080 බැගින්ද,ජෝන් කීල්ස් කොටස් 223,121 ක් කොටසක් රුපියල් 235 බැගින්ද,කොමාර්ෂල් බැංකු කොටස් 250,000 ක් කොටසක් රුපියල් 128 බැගින්ද ලෙස වේ.මෙයට අමතරව චේවිරන් ලුබිරිකන් හි කොටස් 351,279 ක් කොටසක් රුපියල් 275 බැගින් ගිවිසගත් ගනුදෙනු 02 ක් මගින් හුවමාරු වෙමන් පිරිවැටුමට රුපියල් මිලියන 96 ක් එක් කළේය.සාමාන්‍ය පුවරුවේද මෙහි රුපියල් මිලියන 13.9 ක කොටස් හුවමාරු වෙමින් අද දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දුන්නේය.
එක්ස්පෝ ලංකා කොටස් මිලියන 4.4 ක් හුවමාරු වුයේ අනිවාර්ය අර්පණයක් නිකුත් කිරිමට ඇති පසුබිමකය.
මේ අතරේ සෙංකඩගල මුදල් සමාගම අද නිවේදනය කළේ සංච්ත ප්‍රාග්ධනිත කිරිමේ පියවර යටතේ 1:9 අනුපාතයට ලයිස්තුගත කළ කොටස් මිලියන 6.5 ක් අද සිට ගනු-දෙනු සිදු වන බව යි.
අද දිනයේ පිරිවැටුම රුපියල් රුපියල් මිලියන 866.4 ක් විය.සියළු කොටස් මිල දර්ශකය ඒකක 17.84 කින් ඉහළ ගොස් ඒකක 6303.16 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 23.65 කින් ඉහළ ගොස් ඒකක 3480.81 ක් විය.
http://www.randora.lk/index.php/markets/stock-market/item/2722-monday-morning-brief