දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.2 ඉක්මවා ගිය අතරේ ජෝන් කීල්ස් පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දුන්නේ රුපියල් මිලියන 492.5 කිනි.දිනය අවසන ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 255 දක්වා ඉහළ ගොස් තිබිණි.
මෙහිදි මහ පරිමාණ ආයෝජක හා ආයතනගත ආයෝජක ක්‍රියාකාරිත්ව මැද පීපල්ස් ලීසිං රුපියල් මිලියන 445.9 ක දෙවන ඉහළම දායකත්වය ලබා දිණි.කොටසක් පසුගිය සති 52 උපරිම මිල වු රුපියල් 21.50 බැගින් කොටස් මිලියන 17.5 ක් ගිවිසගත් ගනු-දෙනු 04ක් මගින් හුවමාරු වෙමින් දිනයේ පිරිවැටුමට රුපියල් මිලියන 376.2 ක් දායක කල ගනු-දෙනුවද මෙයට අයත්ය.මෙහිදි සේවක අර්ථීසාධක අරමුදල අද ප්‍රමුඛව විකුණුම් සිදු කළ බවත් ප්‍රකට ආයෝජක කැප්ටන් පවුලේ සාමාජිකයෙකු හා ඉන්ද්‍රා සිල්වා පාර්ශ්වය මෙම මිළදි ගැනිම් අතර සිටින බවද තැරුවිකාර වාර්තා කියයි.
ජනශක්ති සමාගම රුපියල් බිලියනයක් වටිනා ණයකර නිකුතුවකට යන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.මෙම නිකුතුව නොවැම්බර් 12 දා විවෘත කිරිමට නියමිතය.
මේ අතරේ මර්කන්ටයිල් ඉන්වෙස්ටිමන්ටිස් මුදල් සමාගමේ ණය කර නිකුතුව රුපියල් මිලියන 200 කට අධික ඉල්ලුමක් ලැබි ඇති හෙයින් අද අවසන් කළ බව සමාගම කියයි.
ASIRI CENTRAL HOSPITALS PLC(ASHA.N0000) හි කොටස් වෙළෙඳ පොල ගනු-දෙනු අදින් අවසන් වන බව නිවේදනය කරයි.මෙහි ප්‍රධාන කොටස් කරු විසින් සියළු කොටස් අත්පත් කර ගෙන ඇති බැවින් මෙසේ ස්වකිය ලයිස්තුගත කිරිම ඉවත් කරවා ගැනිමට සමාගම කටයුතු කර ඇත.
Serendib Engineering Group PLC (IDL.N0000) අද නිවේදනය කළේ 1: 5 අනුපාතයට කොටස් උප බේදිමකට (sub-division of shares) ලක් කරන බවත් ඒ අනුව දැනට ඇති මෙහි ලයිස්තුගතව ඇති ඇති කොටස් මිලියන 6.4 ප්‍රමානය එහි ප්‍රකාශීත මුළු ප්‍රාග්ධනයට (stated capital )බලපැමක් නොවන පරිදි මිලියන 32.3 දක්වා ඉහළ නැංවිමට තිරණය කර ඇති බවයි.මෙම නිවේදනයෙන් පසු මෙහි කොටසක මිල රුපියල් 104.80 දක්වා සියයට 25 කින් ඉහළ ගියේය
SLIBOR 30.10.2014 O/N: 6.02%, 7D : 6.24%, 1M: 6.43%, 3M: 6.66%, 6M: 6.90%, 12M: 7.13%.
Telegraphic Transfer Rates 29.10.2014(Buy/Sell):Rs16,984.74 (USD 129.52)/132.40, GBP 206.31/212.21,Euro 162.56/167.91,AUD 112.77/117.06,Yen 1.1833/1.2208
ඩයලොග් කොටසක් රුපියල් 12.50 බැගින් කොටස් මිලියන 11.5 ක් හුවමාරු වෙමින් රුපියල් මිලියන 144.8 ක් ගිවිසගත් ගනු-දෙනුවක් මගින් පිරිවැටුමට දායකත්වය ලබා දිනි.
ඕවර්සීස් රියැලිටි හිද කොටස් මිලියන 02 ක් කොටසක් රුපියල් 25.70 බැගින් අද ගිවිසගත් ගනු-දෙනුවක් මගින් හුවමාරු විය.
විවිධ කතා බහ සහ කාර්තුමය හොද ඉපයුම් මැද වැලිබල් පවර් එරත්න හිද කොටස් මිලියන 8.7 ක් අද හුවමාරු වුයේ කොටසක් රුපියල් 7.20-- 7.80 අතරේ පසුගිය සති 52 ක කාලයේ උපරිම මිලකටය.