(13/05/14)- ඊයේ දින කොටස් මිලියන 17 ක වාර්තා ගත කොටස් හුවමාරුවක් වාර්තා කළ ISO 9001 සහතික ලද SIERRA CABLES PLC(SIRA.N0000) අද කොටස් වෙළෙඳ පොළට නිවේදනය කළේ තමන්ගේ ගිණුම් වල රුපියල් මිලියන 172 ක විෂමතාවයක් පැන නැග ඒ පිළිබඳව අභ්‍යන්තර විමර්ශණයක් කරන බැවින් වහා මෙහි කොටස් ගනු-දෙනු විම අත්හිටු වන ලෙස ඉල්ලිමක් කරන බවයි..
මේ පිළිබඳව KPMG Ford Rhodes Thornton & Co., විගණන සමාගම මාර්තු කාර්තුවේ ගිණුම් විගණනය කිරිමේදි හෙළි දරවි වෙමින් පවතින බැවින් ඒ පිළිබදය තවදුරටත් විමර්ශණය කළ යුතු බව විගණන සමාගම දන්වා ඇති බවත් මෙම නිවේදනයේ සදහන්ය.
මේ පිළිබඳව වගකිව යුතු පාර්ශව ඇතොත් ඒ පිළිබඳව සුදුසු පියවර ගන්නා බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් කියයි.
ගිණුම් වර්ෂ 2010/11, 2011/12, 2012/13 සහ 2013/14 වර්ෂ වල මෙම විෂමතාවයන් පැන නැගි ඇති බවද සදහන්ය.
ඊයේ දින මෙහි කොටස් මිලියන 17.5 ක් හුවමාරු වුයේ මෙහි කොටසක මිළ පෙර දින වු රුපියල් 1.90 සිට රුපියල් 2.20 දක්වා ඉහළ ගිය වටාපිටාවකය.
අද නිවේදනය පිළිබඳ තොරතුරු කලින් වෙළෙඳ පොළ වෙත සන්නිවේදනය විම මෙම මිළ ඉහළ යාමට හේතුව වි ඇති බව විශ්ලේෂකයෝ කියති.
http://randora.lk/index.php/lead-article/item/2728-sierra-cables-plc-sira-n0000