(12/05/14)- ශ්‍රී ලංකාවේ සුප්‍රකට කාර්ගිල්ස් පේජ් ව්‍යාපාරික පවුලේ කොටස් තැරුවිකාර ආයතනය වන CT Smith Stockbrokers ආයතනයද අයත් CT Smith Holdings හි සියයට 25 ක අයිතියකට හොංකොං පදනම් කරගත් CLSA investment group (Credit Lyonnais Securities Asia) හිමිකම් ලබා ඇතැයි එම සමාගම නිවේදනය කරයි.
නව තත්ත්වය අනුව CT CLSA Holdings Ltd ලෙස CT Smith Holdings ආයතනයත් CT CLSA Securities ලෙස CT Smith Stockbrokers ආයතනයත් CT Capital (Pvt) Ltd ආයතනය CT CSLA Capital (Pvt) Ltd ලෙසත් නමි ලබන අතරේ ඒකක භාර සමාගම වන Comtrust Asset Management (Pvt) Ltd එම නමින්මද ව්‍යාපාර ඉදිරියට පවත්වා ගෙන යාමට නියමිතය.මේවා බොහෝමයකම ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ ඔවුනට අයත් කොළඹ බම්බලපිටිය මැජේස්ට්ක් සිටි සාප්පු සංකීර්ණය තුළයි.
කොටස් වෙළෙඳ පොළ පර්යේෂණ වාර්තා සම්බන්ධයෙන් CT Smith දක්වන ඉහළ නිපුණතාවය මෙම හිමිකම් අත්පත් කර ගැනිමට මුළික වන බවද ඔවුන් කියයි.
CT Smith Stockbrokers යනු කොළඹ කොටස් වෙළෙඳ පොළට මෑත කාලයේ වැඩිම විදේශ් ආයෝජන ප්‍රමානයක් ගෙන දුන් කොටස් තැරුවිකාර ආයතනය වන අතර ඒ සදහා මුළික වි කටයුතු කළේ හෙංකොං පදනම්ව සේවයේ යෙදෙමින් මෙහි උපදේශිකාවක ලෙස කටයුතු කරන කාර්ගිල්ස් පේජ් ව්‍යාපාරික පවුලේ සහෝදරියක වන Marianne Page, මහත්මියයි.
ඇයට අනුව පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළ හා බැංකු අංශයේ ආයෝජන සදහා විදේශ් ආයෝජකයින් උනන්දුවක් දක්වන බව සදහන්ය.
පසුගිය වසරේ කොළඹ කොටස් වෙළෙඳ පොළ මුළු විදේශ ආයෝජන වලින් සියයට 40 ක ප්‍රමානයක් මොවුන් විසින් සිදු කළ බවද සදහන්ය.
මේ බව ප්‍රකාශ කරමින් CLSA හි ගෝලිය ප්‍රධාන මෙහෙයුම් නිළධාරි Donald Skinner පවසන්නේ දෙපාර්ශ්වය අතර තිබු දිගු කාලින සබදතා මෙයින් තහවුරු වු බවයි.
මෙමගින් ඇමෙරිකාණු,බ්‍රිතාන්‍ය හා හොංකොං ආයෝජකයිනට මෙරට ඇතුළු නව වෙළෙඳ පොළ ආයෝජන ඉඩ ප්‍රස්ථා විවර වන බව සදහන්ය.
පාකිස්ථානය,බංග්ලාදේශය, හා වියට්නාමයේ මොවුන් දැනටමත් ආයෝජනය කරන බවත් ලංකාව ඊට වඩා පහසු ආයෝජන ඉඩ ප්‍රස්ථා සලසන බවත් ඔවුන් කියයි.
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/2725