(14/05/14)- ශ්‍රී ලාංකේය ජනතාවට මෙතෙක් යම් පමණකට දොර ගුළු ගා තිබු ජාත්‍යන්තර විද්‍යුත් වාණිජ අන්තර්ජාල ගෙව්ම් හා මුදල් හුවමාරු සේවාව වන ඇමෙරිකාවේ eBay Inc. හි අනුබද්ධ PayPal,අපේ සම්පත් බැංකුව ප්‍රමුඛ වාණිජ බැංකු හතරක් හරහා මුලින්ම හදුන්වා දිමට මහ බැංකුව මේ වන විට ඉන්දියාවේ චෙන්නායි හා බැංග්ලෝරයේ පේපෑල් මධ්‍යස්ථාන හා තීරණාත්මක සාකච්ඡා අරඹා ඇතැයි ,ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට අනාවරණය කර සිටියේය.
ඔවුන් අපෙන් අපේ අපනයන පිළිබඳව වාර්තාවක් ඉල්ලා තිබෙනවා.ඒ ආශ්‍රීත කරුණු පිළිබඳව එකඟතාවයන්ට එළඹි වහා අපට මේ ජාත්‍යන්තර PayPal සේවාව කිසිදු සීමා බන්ධනයකින් තොරව ලක් වැසි සියළු ජනතාවට භූක්ති විදිමට හැකි වේවි.දැන් ඇත්තේ මේ අදාල තත්ත්වයන් නිරාකරණය කර ගැනිම සදහා වන කාල පමාව විතරයි .
මෙම නිළධාරිවරයා ඊයේ අප වෙත සදහන් කර සිට්යේය.
මේ අතරේ තවත් මහ බැංකු නිළධාරියෙක් පවසා සිටියේ මුලින් සම්පත් බැංකුව ප්‍රමුඛ වාණිජ බැංකු සතරක් මේ සදහා යොදා ගන්නා බවත් පසුව සෙසු බැංකුද මෙම සේවාව හා එක් කර ගන්නා බවයි.
PayPal හරහා විදේශයන්ට මුදල් ගෙවිම් සිදු කිරිමට කිසිදු බාධකයක් මේ වන විට නැති මුත් විදේශයන්ගෙන් මෙරටට මුදල් ගෙන්වා ගැනිමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක නොවේ.
මේ නිසා විදේශ රටවලට ස්වකිය සේවා සපයන ලාංකේය ජනතාවට ලොව නවීනතම ගෙව්ම් පියවිම් සේවාවේ පුර්ණ පහස ලබා ගැනිමේ වරම මේ සංරෝධක හමුවේ මඟ හැරි ඇත.
ඒ ඒ රටවල මුදල් ඒකක පදනම්ව විකුණුම් කරු විසින් මෙම PayPal හරහා සිදු කරන ගනු-දෙනු සඳහා ගාස්තු අය කිරිමක් සිදු කරයි.ගැණුම්කරු හා විකුණුම්කරු භාවිතා කරන මුදල් ඒකක වල වෙනස් කම් මත ගෙව්ම් පියවිමේදි යම් අමතර ගාස්තු අය කිරිමක්ද සිදු වන බව සදහන්ය.
වර්ෂ 1999 දි Max Levchin, Peter Thiel, Luke Nosek යන ඇමෙරිකාවට සංක්‍රමනය වි එරට පුරවැසි බව ලද තිදෙනෙකු විසින් ආරම්භ කළ මෙම සේවාව 2002 වසරේදි ප්‍රමුඛතම අන්තර්ජාල සුපිරි වෙළෙඳ සැල් ජාලය වන eBay විසින් ඩොලර් බිලියන 1.5 කට අත් පත් කර ගත්තේය.
මේ වන විට ලොව පුරා වෙළෙඳ පොළවල් 193 ක මිලියන 143 ක සක්‍රිය පරිශිලකයින් පිරිසකට ස්වකිය අරමුදල් යැව්මේ ,ලබා ගැනිමේ හා සුරක්ෂිතව තබා ගැනිමේ පහසුකම් සලසන අතර මේ යටතේ පහත මුදල් වර්ග 26 පමණක් මේ වන විට අනුමත කළ මුදල් ඒකක වශයෙන් ක්‍රියා කරයි.
Australian dollar, Brazilian real, Canadian dollar,Chinese renminbi yuan , euro, pound sterling, Japanese yen, Czech koruna,Danish krone, Hong Kong dollar, Hungarian forint, Israeli new sheqel, Malaysian ringgit, Mexican peso, New Zealand dollar,Norwegian krone, Philippine peso, Polish zloty, Russian ruble, Singapore dollar, Swedish krona, Swiss franc, New Taiwan dollar, Thai baht, Turkish lira , United States dollar.
http://www.randora.lk/index.php/lead-article/item/2734-paypal