(කොළඹ, ලංකාපුවත්) – සංවර්ධන කි‍්‍රයාදාමය සැඟවීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
පැහැදිලි ලෙසම වත්මන් රජය, රට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කර ඇති බවත් එය අකුරෙන් අකුර රටට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් ජනාධිපතිතුමා කියා සිටියේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ උළෙලට අද(28) එක්වෙමිනි.
නිවැරදි දර්ශනයක් අනුව රජය ඉදිරියට ගමන් කරමින් සිටින බවජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.
ඇතමුන් තම ප‍්‍රතිපත්ති සදහා විදේශයන්ගෙන් උපදෙස් ලබාගත්තද රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමේදි විදේශ උපදෙස් අවශ්‍ය නොවන බව ද ජනාධිපතිතුමා පැවසීය. රටේ සියලු අංශ සංවර්ධනය කරමින් ජනතාවට සැපවත් ජීවිතයක් ගතකිරීමට ඉඩ ලබාදී තිබේ. කිසිදු බලපෑමකින් තොරවව නිදහස් නිවහල් ජීවිතයක් ගතකිරීමට සියලු දෙනාට අවස්ථාව ලබාදීම වත්මන් රජයේ අපේක්ෂාවේ.
ජනතාවට හිරිහැර වන තීන්දු හෝ චක‍්‍රලේඛ ඉදිරිපත් නොකල යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනු ලැබීය. එවැනි තීරණ ගැනීමෙන් හෝ චක‍්‍ර ලේඛ ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස නිලධාරින්ට ජනාධිපතිතුමා උපදෙස් ද ලබා දුන්නේය.
රට එදා තිබු තත්ත්වය සහ අද පැමිණ ඇති ගමන් මග පිළිබද කිසිවෙකු අමතක නොකළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ත‍්‍රස්තවාදයෙන් මෙන්ම සුනාමියෙන් බැටකෑ රට ඉදිරියට ගෙන ඒමට රජය කැපකිරීම් රැසක් සිදුකළ බවයි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව නිකුක් කරනු ලබන මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් ජනපතිතුමා වෙත පිළිගැන්වීය.
Read 9 times