මේ අනුව සාමාන්‍ය කොටස් මිලියන 176 ක් හා නිශ්ඡන්ද කොටස් මිලියන 24 ක් ලයිස්තුගත කිරිමට නියමිතය.
මේ වසරේ ආ තෙවන මුළික කොටස් නිකුතුව වු මේ යටතේ එකක් රුපියල් 6.00 ක් වන සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 38 ක් සහ එකක් රුපියල් 3.00 ක් වන සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 24 ක් නිකුත් කර තිබිණි.මෙයින් රැස් කිරිමට අපේක්ෂිත මුදල වන්නේ රුපියල් මිලියන 300 කි.මෙසේ නිකුත් කරනුයේ සමාගමේ මුළු නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 21.59 ක් වන අතර මෙහි සියයට 52.9 ක අයිතිය සභාපති ලාල් කිර්ති ගුණවර්ධන සතුවත් සෙසු කොටස් මෙම ගුණවර්ධන පවුලේ සෙසු සාමාජිකයින් සතුවද ඇත.
මෙම නිකුතුවෙන් රැස් කරන රුපියල් මිලියන 300 න් මිලියන 200 ක් සමාගමේ ණය බරින් නිදහස් විමටත් තවත් මිලියන 75 ක් එහි නිෂාපාදන අශයේ නවීකරණයන් හා තවත් මිලියන 25 ක් අලුත් ව්‍යාපෘති වෙනුවෙන් යොදවන බවත් සමාගම කියයි.