අගෝ 26, 2014 (විමසුම) – ඉන්දියාවේ විශාලතම රන් ණය සපයන මූල්‍ය සමාගම වන Muthoot Finance විසින් Asia Asset Finance හි සියයට 30ක හිමිකම මිළ දී ගෙන ඇත.
කොටස් වෙළඳපල වෙත Asia Asset Finance විසින් සිදු කළ නිවේදනයකට අනුව සිය සමාගමේ 167,685,600ක සාමාන්‍ය කොටස් ප්‍රමාණයක් එකක් රුපියල් 1.60කට විකුණා ඇති අතර එය සමාගමේ සම්පූර්ණ නිකුත් කළ කොටස් ප්‍රමාණයෙන් සියයට 29.97කි.
මෙසේ විකුණා ඇත්තේ Asia Asset Plc සතුව තිබූ සාමාන්‍ය කොටස් ප්‍රමාණයකි.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශාඛා 4,400ක් පමණ හිමි ඉන්දීය Muthoot Finance සමාගම කියා සිටියේ,
"මේ ආයෝජනය හරහා අපි බලාපොරොත්තු වෙනවා Asia Asset Finance හි ණයදීම් වගේම එහි ලාභයත් එළැඹෙන වසරවල දී වැඩි වෙයි කියලා."
මෙම කොටස් මිළ දී ගැනීම සිදු කිරීමට ප්‍රථම, මෙම මාසය මුල දී ඉන්දීය Muthoot Finance සමාගම විසින් ණයකර අළවියක් සිදු කොට ඇ.ඩො.මි. 66ක මුදලක් ලබා ගන්නා ලදී.
කොටස් වෙළඳපල ලැයිස්තුගත Asia Asset Finance සමාගම සතුව දිවයිනේ ශාඛා 11ක් ඇති අතර කල්බදු, ව්‍යාපාර ණය, සුළු ණය සැපයීම වැනි කටයුතුවල මෙම සමාගම නිරත වේ.