ඔවුහු,මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේ පවත්නා තත්ත්වයන්ගෙන් උපරිම වාසි අත්පත් කර ගනිමින් කොටස් වෙළෙඳ පොල පාර්ශව විවිධ ප්‍රචාර ගෙන යමින් කොටස් මිල තමන්ට රිසි සේ උස්පහත් කරමින් විශාල අයථා ලාභ ගැනිමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි.
අපිට සැකයි මේ නියාමන ආයතන වලම අභ්‍යන්තර පාර්ශව මහ බැංකුවේ අභ්‍යන්තර රහස් තොරතුරු ගැන දැනුවත්ම විවිධ අයථා මධ්‍යම තැන්පතු ගිණුම් මගින් මේ මරණා සන්නව ලෙඩ ඇදේ සිටිනා CIFL රෝගියාට කෘතිම ජිවයක් කොටස් වෙළෙඳ පොල හරහා ලබා දෙන්න උත්සාහ කලාද?කියලා.
හරි හමන් අම්මෙක් අප්පෙක් (ප්‍රධාන කොටස් හිමියෙකු/අධ්‍යක්ෂ මණ්ඩලයක් ) නැති,කිසිදු සේවකයෙකුට මාස කිහිපයක් තිස්සේ හරි හමන් වැටුපක් ලැබෙන්නේ නැති, හරි හමන් දේපොලක් මේ දක්වා තක්සේරු කර නැති, රුපියල් බිලියන 3.4 ක තැන්පතු වලින් ශත 05 ක්වත් ආපසු ලබා ගැනිමට බැරිව හිස ගිනිගත් තැන්පතු කරුවන් විතරක් ඉන්න , සමාගම් ලියාපදිංච් කිරිමේ හා මුදල් සමගම් බලපත්‍ර සහතිකයක් විතරක් ඉතිරිව ඇති මේ වගේ අරුම පුදුම ලයිස්තුගත සමාගම් ලොව කොහේ හෝ තියනවා නම් මම හිතන්නේ ඒ මේ CIFL කියලයි.යනුවෙන් මේ සම්බන්ධයෙන් උද්වේගකරව කතා කරමින් එක් ආයෝජක/තැන්පතුකරුවෙතු අප වෙත කරුණු දක්වා සිටියේය.
මේ සම්බන්ධයෙන් රන්දොර CIFL භාරකාර සභාපති ලෙස දැනට නාමිකව කටයුතු කරන ලක්ෂ්මන් රූපසිංහ මහතාගෙන් කළ විමසිමකදි ඔහු සදහන් කර සිටියේ CIFL කොටස් ගනු-දෙනු පිළිබඳව තමා වාචිකව අදාල බලධාරින්ගෙන් විමසා සිටියත් එය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරිම මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හෝ නියාමන කොමිෂමේ කාර්යයක් බවට තමන්ට වාචික පිළිතුරු ලැබි ඇති බවත් එයින් ඔබිබට තමන් කිසිදු මැදහත්විමකට මේ සම්බන්ධයෙන් කටයුතු නොකළ බවයි.
මමවත් දන්නේ නැහැ, සමාගමේ පවත්නා තත්ත්වය අනුව ඇයි?මෙහ ගනු-දෙනු සිදු වන්න ඉඩ හරින්නේ කියලා.මම දන්න තරමින් අවසන් කාර්තු 02 ගිණුම් අප සකසා නැහැ.නමුත් KPMG ආයතනය මහ බැංකු නියමයෙන් ආයතනයේ වත්කම් බැරකම් අගය කිරිමේ විමර්ශණයක් දැන් සිදු කරමින් පවතිනවා.හැබැයි,එය ව්‍යවසථාපිත විගණනයක් නොවේ යැයි වරලත් ගණකාධිකාරිවරයෙකුද වන හෙතෙම වැඩිදුරටත් කීය.
මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් කළ විමසිමකදි ලැබුණ පිළිතුර වුයේ
මේ ලෙඩාට ලැබෙන ඔක්සිජන් ට්කත් නවත්වන්නද?ඔය ගොල්ලෝ හදන්නේ.ඉදිරියේදි සුදුසු පියවර අපි ගන්නවා.
මේ වන විට ඈවරකරුවෙකු පත් කර ඇති ටච්වුඩ් සමාගමේ ගනු-දෙනු අත්හිටුවිමට නියාමන කොමිෂම කටයුතු කළේ 2013 ජුනි මසින් පසු ඔවුනද ගිණුම් වාර්තා නිකුත් නොකිරිමේ පදනම යටතේය.
සමාගමේ තැන්පතු කොටස් ප්‍රාග්ධනය බවට පත් කිරිමේ ක්‍රියාමාර්ගයට එරෙහිව තැන්පතුකරුවන් ගොනු කළ රිට් අඥා ඉල්ලිම ඉවත දැමිමට අධිකරණය කටයුතු කිරිමෙන් අනතුරුව මෙම සමාගම මහ බැංකුවේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ක්‍රියාවලියට අනුයුක්ත කළ පසු මෙහි කොටසක මිල ශත 60 සිට රුපියල් 2.80 මටිටමකට විශාල වශයෙන් ඉහළ යමින් ගනු-දෙනු විය. ඊයේ මෙහි ගනු-දෙනුද අවසන් වුයේ රුපියල් 2.10 කටය.ඊයේ මෙහි මිලියන 02 ඉක්මවා කොටස් හුවමාරු විය.
කෙසේවෙතත්,මෙම රිට් අඥා ඉල්ලිම ඉවත දැමිමට ගත් ක්‍රියා මාර්ගයට එරෙහිව තැන්පතු කරුවන් ඇපැලක් ගොනු කළද එයද පසුගිය 27 දා ඉවත් කරවා ගැනිමට යම් බලපැම් මත ඔවුන් කටයුතු කර ඇති බවද වාර්තා කියයි.
පසුගිය බදාදා තැන්පතු කරුවන් හමුවේ මහ බැංකුව පවසා ඇත්තේ මහ බැංකු තැන්පතු සුරැකුම් රක්ෂනාවරණයෙන් රුපියල් බිලියනයක්ද තවත් බිලියනයක් ආයතනයේ වත්කම් අගය කිරිම් හා බාහිර ආයෝජක මාර්ග වලින්ද සෙසු මුදල් තැන්පතු කොටස් කිරිමෙන්ද වශයෙන් ද සම්පාදනය කර ගත් ක්‍රමවේදයන් මගින් තැන්පතු කරුවන්ට සහණ සැලසිමට දැනට යෝජනා වි ඇති බවයි.