කේරළ සංචාරක ව්‍යාපාරයෙන් 1/3 කටත් අඩු ආදායමක් ලබන මෙරට සංචාරක කර්මාන්තය මෙමගින් වැඩි වාසි අත්පත් කර ගනු ඇති බවද මෙම වාර්තා වැඩිදුරටත් පවසයි.
මේ වන විටත් රැස්විමි.සම්මන්ත්රණ හා ප්‍රදර්ශණ ආශ්‍රීත සංචාරක අංශයන්හි මෙම මත්පැන් විරෝධි කේරළයේ අකුරටම ක්‍රියාත්මක වන බවද සදහන්ය.
පසුගිය වසරේ මිලියන 10 කට අධික දේශිය සංචාරකයින් හා ලක්ෂ 8 ක විදේශ් සංචාරකයින් කේරළයේ සංචාරය කර ඇත.
නමුත්,මතට තිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව බියර් හල් අරිමින් බාර් ලයිසන් දෙමින් යුරෝපා ආගන්තුක සත්කාරය සංචාරකයින්ට ඉහළින්ම ලබා දිමට කටයුතු කරමින් පවතින බව මෙම පුවත් වාර්තා පවසයි.
වයින් වැනි යුරෝපා සංචාරකයින්ගේ අත්‍යවශ්‍ය මත්පැන් විශේෂ ද සීමා කිරිම් හමුවේ මෙතෙක් කේරළයේ සංචාර වෙන් කරවා ගත් පිරිස්ද ආපසු වෙනත් විකල්ප කරා යන ලකුණු පහළ වි ඇති බවද මෙම වාර්තා කියා සිටි.